නව කොරෝනා වෛරසයේ අර්බුදය මේවනවිට මෙරට ධිවර කර්මාන්තය ද දැඩි බලපෑමක් කර ඇති බව වාර්තාවේ. ඒ, චීන ට්‍රෝලර් යාත්‍රාවලින් මිලදී ගන්නා මසුන් මෙරට වෙළඳපොළට එමින් තිබෙන බවට රාවයක් පැතිරයාමත් සමගය. 


තම මත්ස්‍ය පලදාව විකුණා ගැනීමේ බරපතල අර්බුදයකට මුහුණදී සිටින චීනයේ මහ පරිමාන ධිවර ව්‍යාපාරිකයින්, මහ මුහුදේදී ඉතාමත් අඩු මුදලකට ඔවුන්ගේ මත්ස්‍යා පලදාව වෙනත් රටවල ට්‍රෝලර් යාත්‍රාවලට විකුණමින් සිටින බවටත්, මෙරට ධිවර යාත්‍රා හරහා ද එසේ, ඉතාමත් අඩු මුදලකට ලබාගන්න මසුන් මෙරට වෙළඳපොළට එක්වන බවටත් කටකතා පැතිර යමින් තිබේ.

එම තත්වය තුල ජනතාව අනිසි බියකින් යුතුව මසුන් මිලදී ගැනීමට මැලිවීමේ ප්‍රවනතාවයක් පෙන්වන බවත් එම තත්වය තුල ධිවර ප්‍රජාව බලවත් අසීරුතාවයකට පත්ව සිටින බවත් වාර්තාවේ.

කෙසේවුවද, රජය මෙම අනිසි බිය නැතිකරලීම සඳහා මෙතෙක් මැදිහත්ව නොමැත.

ටින්මාලූ බහාලුම් යළි පරීක්ෂාවකට :

මේ අතර ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පළ වී ඇත. ඒ, අදාළ සියලූ ටින්මාලූ බහාලුම් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කිරීමත් සමගය.

ආනයනකරුවන් දිගින් දිගටම මැසිවිලි නගන්නේ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති ටින් මාලූ වරායෙන් නිදහස් කර ගැනීම කල්යාම හේතුවෙන් ගැටලූ රැසක් මතුවන බවයි.

 ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ද ඉකුත් දා පවත්වා තිබිණ. පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙම යාන්ත්‍රණයට සම්බන්ධ සෙසු ආයතන නියෝජනය කරන නිලධාරීන් ද ඊට එක්ව ඇත. 

දැනට ඇති ක්‍රියාපටිපාටීන්ට අනුව ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේද අධීක්ෂණයට ලක් කෙරේ.

 එහෙත්, ආනයනික ටින් මාලූ වරායෙන් නිදහස් කිරීමේදී ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධීක්ෂණයට ලක්වන බැවින් නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයද එහි අධීක්ෂණයන් සිදු කිරීම අවශ්‍ය නොවන බවට අදාළ සාකච්ඡාවේදී තීරණය වී ඇත. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්