leader s

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදී‍මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මාර්තු මස 7 වැනිදා සිට

ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වැඩසටහන සඳහා ඒකාබද්ධ කරගැනීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ට බෙදාහැරිය යුතු පොත් සකස් කිරීමේ කටයුතු මේ දක්වා අවසන් කිරීමට අමාත්‍යාංශයට නොහැකිවීම ඉහත තීරණය ගැනීමට හේතු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධව විෂය නිර්දේශ සකස් කර අවසන්ව ඇති අතර එම විෂය නිර්දේශ අනුව පොත් සකස් කිරී‍ම් කටයුතු භාරගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය ය.

අමාත්‍යාංශය එම වගකීම මෙතෙක් ඉටුකර නොමැති හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළ බව සංසදයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවාය.

විෂය නිර්දේශයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ රූපමය නිර්මාණ එදින අන්තර්ජාලයට ඇතුළත් කරන බවත් සභාපතිනිය කීවාය.

(aruna.lk - නිලන්ත මදුරාවල)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්