ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලා සිටින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා ජනාධිපති ධූරය සදහා

නුසුදුස්සෙකු බව ඔහු සමග එකට එක්ව කලක් දේශපාලනය කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

කොළඹ දිස්ත්‍රිකයේ වත් පළමුතැනට පැමිණීමට නොහැකි චම්පික රණවක මන්ත්‍රීවරයා, රටේ මුල් තැනට පැමිණීමට උත්සහා දැරීම සාර්ථක කටයුත්තක් නොවන බවයි මන්ත්‍රී උදය ගම්මන්පිල පවසන්නේ.

එමෙන්ම බලය අයුතු ලෙස භාවිතය, නිසි කළමනාකාරීත්වයක් නොපෙන්වීම, දාමරිකයෙකු වීම, දේශපාලන අදූරදර්ශී භාවය වැනි කරුණු රැසක් නිසා චම්පික රණවක මන්ත්‍රිවරයා ජනාධිපති ධූරය සදහා නුසුදුස්සෙකු බව ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

ස්වරණවාහිනී නාළිකාවේ විකාශය වන “ඉර හරි කෙලින්” වැඩසටහනට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මෙම අදහස් පළ කර තිබුනි.



ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය 19 වෙනිදා දෙරණ 360 රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින් අවධාරණය කර සිටියේය.



(චතුරංග මේදිස්)

සබැඳි පුවත් :
ජනාධිපති ධුර අපේක්ෂකත්වය භාර ගැනීමට පාඨලී සූදානම් 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්