leader s

පුළුල් පෙරමුණකින් යුතුව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.


රට ජාතිය අසීරුතාවයට පත්වූ සෑම අවස්ථාවකම රට බේරා ගැනීමට පෙරට පැමිණියේ එක්සත් ජාතික පක්ෂය බවත්, රට එවැනි අර්බුදකාරී අවස්ථාවකට මුහුණදී සිටින මේ අවස්ථාවේදී ද රට එම අර්බුදයෙන් ගලවා ගැනීම සඳහා පුළුල් පෙරමුණකින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන බවත් ඔහු කියා සිටියේ, හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ මාතර නිවසේ   අද (29) පැවති උත්සවයකදීය.

2020 මහ මැතිවරණය සඳහා තම අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම සඳහා මංගල සමරවීර විසින් සංවිධානය කර තිබු එම රැස්වීම පැවතියේ රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙනි.

''එඩිතර මාතරකම' යන තේමාව යටතේ මංගල සමරවීරගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම එළිදැක්වූයේ 'එක්සත් ජාතික මංගල' යන ලේබලය යටතේය.

Screen Shot 2020 02 29 at 11.18.48 AM
මෙම උත්සව සභාව ඇමතු එජාප නායකයා, වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ අදුරදර්ශී කළමනාකරණය යටතේ ආර්ථිකය දවසින් දවස පහලට ඇද වැටෙන ආකාරය විග්‍රහ කරමින්, අගමැති මහින්ද රාජපක්ෂට ඉන්දියාවට ගොස් හිඟා කෑමට පවා සිදුව ඇතැයි කියා සිටියේය.

''මෙහෙම හිඟාකන එක සිංහලකමදැයි '' විමසා සිටී එජාප නායකයා, මෙලෙස ලෝකය ඉදිරියේ බාල්දු නොවී, හිඟා නොකා ජීවත්වීමට යළි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

එජාප නායකයාගේ සම්පුර්ණ කතාව මෙන්න 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්