තිස් හයවන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබාර ගැනීමෙන් අනතුරුව විෂය භාර අමාත්‍ය

ටිරාන් අලස් හමුවී තිබේ.

එහිදි මහජන ආරක්ෂක ඇමැතිවරයා නව පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ කෙටිකාලීන ඉලක්ක ලෙස මහජන ආරක්ෂාව තහවුරු කරවීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, යුක්තිය මෙහෙයුමෙන් අපේක්ෂා කළ අරමුණු හැකි ඉක්මනින් ළඟා කරගෙන අපරාධ අනුපාතය පහත හෙලීමට කටයුතු කරන ලෙසත් ය.

මධ්‍ය කාලීන ඉලක්ක ලෙස පොලිස් ආඥා පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස දැනුම්දී ඇති ඇමතිවරයා, දිර්ඝ කාලීන ඉලක්ක ලෙස මහජන අදහස් විමසා පොලිස් ප්‍රතිසංස්කරණ (police Reforms) සිදුකරන ලෙසත් නියෝගකර ඇත.

මෙම සුහද හමුවේ දී පොලිස්පතියවරයා විසින් අමාත්‍යවරයා අපේක්ෂා කරන ඉලක්ක සපුරාලීමට අවශ්‍ය සියලුම කටයුතු මනා කළමනාකාරිත්වයකින් සිදු කිරීමට පොරොන්දු වී තිබේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ද සහභාගි වී ඇත.

(චතුරංග මේදිස්)

 IGP 36
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්