කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව මෙන්ම දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 ක වැනි කාලසීමාව තුල යථාවත් කරන බවට

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත් දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට  විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ කර ගනිමින් සියල්ල විනිවිදභාවයකින් සිදු කරන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ.


රෝහල් වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම...


රෝහල් වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති මෙන්ම ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය කරන බවයි.

මෙරට තිබෙන සීටි ස්කෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද සුව ඇමැතිවරයා පැවසීය.

මෙරට රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ඒ ඒ රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ විශේෂ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.

එම වැඩපිලිවෙලට සමගාමීව අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීන් මාර්තු 01 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කළේය.

රෝහල් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් කාර්ය මණ්ඩලට පවතින ගැටලු වලට විසදුම් ලබා දීමට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ෆෝස් රෝෂාන් ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.


(චතුරංග මේදිස්)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්