ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු එබව සඳහන් කළේ, එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) රැස්වීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්මිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම සන්ධානය වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව මේ වන විට සංශෝධනය කර ඇති බැවින් ඉදිරියේ දී නිලධාරී මණ්ඩලය පත් කිරීමට පියවර ගන්නා බවයි.

ඉහත ආරංචි මාර්ගවලට අනුව ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ මාර්තු 11 සඳුදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නව සන්ධානයේ මැතිවරණ සලකුණ වන්නේ 'පුටුව'යි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්