ශ්‍රී ලංකා මහ බැංකුව සිය වැටුප් වැඩි කර ගනු ලැබූවේ බැංකු පනත යටතේ නොව, මහ බැංකුව හා වෘත්තීය සමිතිය අතර පවතින ‘ඒකාබද්ධ

ගිවිසුම‘ යටතේ යැයි අද පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවේ පවසා සිටියේය.  

එහි දී ශ්‍රී ලංකා මහ බැංකුව සහ වෘත්තීය සමිති අතර කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි කළ ‘ඒකාබද්ධ ගිවිසුමක්‘ පවතින්නේ දැයි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටි අතර එවැන්නක් නොමැති බව අනාවරණය විය. 

මෙහි දී මන්ත්‍රීවරුන් පෙන්වා දෙනු ලැබූවේ, බැංකු පනත යටතේ ලංකාවේ වලංගු නීතියට අනුව වැටුප් වැඩි කර ගැනීමේ බලයක් නොමැතිවා පමණක් නොව, ලියාපදිංචි කර නොමැති ඒකාබද්ධ ගිවිසුමක් හරහා වැටුප් වැඩි කර ගැනීමට ද නීතිවිරෝධී වන බවය.

 

කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි නැති collective agreement එකකින් වැටුප් වැඩිකරවා ගත නොහැකියි -  පාර්ලිමේන්තුව මහ බැංකුවට කියයි.

 

රජයේ ඒකාබද්ධ අරමුදල් මගින් (consolidated fund) මගින් මුදල් ලබා නොගන්නා නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට තම වැටුප් වැඩි කර ගැනීමට හැකියාව ඇතැයි මෙහි දී මහ බැංකුව කරුණු ඉදිරිපත් කර ඇත.  

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පලාත් සභා සහ තවත් කොමිෂන් සභා රැසකට එවැනි නෛතික බලයක් ඇතත් ඔවුන් සෑම විටම විධායකය සහ පාර්ලිමේන්තුවේ මුදල් බලයට යටත්ව කටයුතු කරන බව ය. එකම නෛතික ප්‍රතිපාදනය යටතේ රාජ්‍ය ආයතන දෙකකට වෙනස් ලෙස කටයුතු කිරීමේ බලයක් හෝ හැකියාවක් හෝ නොමැති බව ද, මෙහි දී කරුණු ඉදිරිපත් වී ඇත. 

ලක්ෂ්මන් කිරිඇල්ල, ජී.එල්.පීරිස්, සුමන්තිරන්, ලසන්ත අලගියවන්න, වීරසුමන වීරසිංහ, ගෙවිදු කුමාරතුංග ඇතුළු මන්ත්‍රීවරුන්ද මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගිවී සිටිය හ.

 

430029636 753515933590875 5641965283640314266 n
(චතුරංග මේදිස්)

සබැඳි ලිපි :

මහ බැංකුවේ හිතුවක්කාරී වැටුප් වැඩිකිරීම නීති විරෝධියි !

 

මුදල් මුද්‍රණ පාඩුත් ස්වාධීන ද? මහ බැංකුවට ඉහළ වැටුප් - පාඩු රජයට - (පි සමරසිරි)


මහ බැංකු වැටුප් ප්‍රශ්නය හා වෘත්තීය සමිති සද්භාවය - (නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි - (ගාමිණී වියන්ගොඩ)

බංකොලොත් වුවත් මහ බැංකු වැටුප් ඉහළට ම : වගකිව යුත්තා රජය ද? මහ බැංකුව ද? IMF එකෙන් ගොඩ යයි ද? - (පි සමරසිරි)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්