තමා බලයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු තුන තමාගේ ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.


එම නොවිසඳුන මුලික කාරනා තුන විසඳිය හැකි නායකයකු ශ්‍රී ලංකාව නොපමාව සොයා ගනු ඇතිය යන්න තමාගේ බලවත් ප්‍රාර්ථනාව බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියි. 

ඔහු එබව සඳහන් කර ඇත්තේ ඔහු විසින් රචිත 'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' ග්‍රන්ථයේය ය.

එම ග්‍රන්ථයේ  පිටු අංක 192 හි මෙසේ සඳහන් වේ.

''2022 මාර්තු/අප්‍රේල් මාසවල දී මා බලයෙන් නෙරපා හැරීම සඳහා රට වසංගතයෙන් ගොඩ ඒමට පටන් ගෙන තිබුණු අවස්ථාවේ දී උපාය මාර්ගිකව දියත් කරන ලද විදේශීය හා දේශීය කුමන්ත්‍රණයට මුහුණ දීමට මම අපොහොසත් වූයෙමි. මට තව අවුරුදු දෙකක් බලයේ සිටීම සඳහා එක ජීවිතයක් හෝ නැති කර ගැනීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් විය. 

කෙසේ වෙතත්, මා බලයට පත් වීමට බලපෑ ප්‍රධාන හේතු තුන මගේ ඉල්ලා අස්වීම නිසා අදත් නොවිසඳී පවතී. 
එනම්, 

1- සිංහලයන් සහ විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් තමන්ගේම රට තුළ අවමානයට ලක් වෙමින් දෙවැනි පෙළට වැටී සිටීම, 


2- රටේ දැවැන්ත ණය ගැති භාවය හා ආර්ථිකයේ පිරිහීම සහ 

3- බුද්ධි අංශ සහ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටීම යන කාරණා තුනය. 


 
මේ නොවිසඳුණු ගැටලු අනාගතයේ වෙනත් නායකයකුට විසඳීමට සිදු වනු ඇත. 

මේ අවස්ථාවේ මගේ බලවත් ප්‍රාර්ථනාව වන්නේ ශ්‍රී ලංකාව මෙම නායකයා නොපමාව සොයා ගනු ඇතිය යන්න.''

(උපුටා ගැනීම අවසන්)
 WhatsApp Image 2024 03 08 at 4.08.44 PM
'ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය'' ග්‍රන්ථය - පිටු අංක 192
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්