ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝගවල ප්‍රතිපාදන උල්ලංඝනය පක්ෂපාතිත්වයෙන් හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව සජීවීව

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියෙන්ම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසා තිබේ.

කතානායවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකළ බවට පැතිර යන කතා තරයේ ප්‍රතික්ෂේප කරන මන්ත්‍රීවරයා 46 වැනි මන්ත්‍රීවරයා ලෙස ඊට අත්සන් තැබු බව නිවේදනය කරයි.

කතානායක කාර්යාලයේදී තමන් විශ්වාස භංග යෝජනාවට අත්සන් කළේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට පසුව බවත්, තමා එම යොජනාවට අත්සන් නොකළ බවට වූ කතාව සාමාන්‍ය ජනතාව අතර ස.ජ.බ. ය තුළ බෙදීමක් ඇති බවට වැරදි අවබෝධයක් ඇති කිරීමේ ද්වේෂසහගත චේතනාවෙන් ප්‍රචාරය කර ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

පාර්ලිමේන්තුවේදී අපක්ෂපාතීව කටයුතු කළ යුතු කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඔහුගෙන් අසන ලද ප්‍රශ්නවලට තවමත් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බවද ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කරයි.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image