පරාටේ නීතිය හරහා ණය අය කරගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශ්වීය තීරණය බැංකු ක්ෂේත්‍රයට

විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැරහරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් මෙම තීරණය ගෙන ඇති බවය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය බැංකු, ලැයිස්තුගත පෞද්ගලික බැංකු සහ ජාත්‍යන්තර බැංකුවල ශාඛා කාර්යාල ආදී සියලුම බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) පැවසූයේ, ණය අය කරගැනීමේ නීති මැඬ පැවැත්වීම සඳහා රජයේ මැදිහත්වීම අනතුරු ඇඟවීමක් වන බවය.

මේ පිළිබඳව බැංකු සමඟ කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බව පෙන්වා දුන් එම සංගමය රජයේ මෙම තීරණය හේතුවෙන් සියලුම ව්‍යාපාරිකයන්ට ණය ලබාගැනීමේ පිරිවැය වැඩි වනු ඇති බවද පැවසීය.

SLBA අදාල ප්‍රවෘත්ති නිවේදනය මෙතනින්


පරාටේ සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය

ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් උකස් කරනු ලැබ ඇති යම් දේපලක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට අදාල බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් සංශෝධනය කිරීමටත් 2024-2-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ( විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති අතර එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ආර්ථික ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image