වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් අනිල් විජේසිරි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (12) අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරනු ලැබිය.


එම ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබුණේ වෙරළ සංරක්ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීමේ සිද්ධියට අදාළවයි.

එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඔහු එම ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබිණ. 

 

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට අයත් දෙහිවල ප්‍රදේශයේ වෙරළ තීරයේ ඉඩමක් එම දෙපාර්තමේන්තුවට අයත් නොවන බවට ව්‍යාජ ලේඛණයක් සකස් කළ බවට අනිල් විජේසිරිට චෝදනා එල්ල වී ඇත. 

 

ඔහු වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේ එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ආකාරයට එම ව්‍යාජ ලේඛනය සකසා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ප්‍රශ්නගත ඉඩමේ පිහිටා තිබූ 'සෝල් බීච්' හෝටලයේ කොටසක් ඉකුත් ජනවාරි 01 වනදා පොලීසියේද මැදිහත්වීමෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩා දමනු ලැබිය.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශනවලදී අදාළ ඉඩම සඳහා ව්‍යාජ ලේඛනයක් සකස් කර ඇති බව අනාවරණ වී ඇත. 

එම සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීකම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍යංශ ලේකම් එල් එල් අනිල් විජේසිරි එම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි. 

කෙසේවෙතත් එම ඇප ඉල්ලීම සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට බාධාවක් නොමැති බවයි.

එමෙන්ම අනිල් විජේසිරිට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද අධිකරණය එහිදී නියෝග කර තිබේ. 

(nethnews.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්