ජනාධිපතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබු පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් වැටෙන බැවින්

ජනාධිපතිවරයාට මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා පවසා තිබේ.

“ජනපතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පහත වැටෙනවා. රාජ්‍ය බලය සමග මැතිවරණයකට යන පක්ෂයකට මැතිවරණයකදී පුංචි වාසියක් තියෙනවා. දැන් රාජ්‍ය බලය ඔවුන් අතේ. රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය මාධ්‍ය ඔවුන්ගේ වාසියට හසුරුව ගන්න පුළුවන්. නමුත් ජනපතිවරණය පැරදිලා නම් ඔවුන් මහ මැතිවරණයකට යන්නේ ඒ වාසිය ලැබෙන්නේ නෑ. පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තියන්න කියලා.”

පොහොට්ටුව සහ එජාපය පාර්ලිමේන්තු ඡන්දය පැරදුනු පසුව ජනාධිපතිවරයා අකර්මණ්‍ය වී ජය ගන්නා පක්ෂයේ අගමැතිවරයා රට පාලනය කරන බැවින් පිනට ලැබු ජනාධිපති ධූරය කෙටි කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු නැති බවටයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා විශ්වාසය පළ කරන්නේ.

මන්ත්‍රීවරුන් 113ක ගේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිවරයා කැමැත්ත පළ කර ඇති බවට පැතිර යන රාවය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.

“ඔය පොහොට්ටුවේ නායකයෝ කෑ ගැහුවට පොහොට්ටුවේ මන්ත්‍රිවරු නම් දන්නවා ඡන්දයක් තිබ්බොත් ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා මන්ත්‍රීවරුන් 113ක ගේ සහාය ගන්න පුලුවන් වෙන එකක් නෑ.” යනුවෙන් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image