කතානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී අද (21) පරාජයට පත්විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 75ක් පමණි.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.



සබැඳි ලිපි :
ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්