ආර්ථික අර්බුදයට වැටි ඇති රට ඉන් ගොඩගැනීම ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවට තේරී පත්වීමද වඩාත් සුදුසු යැයි එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරයි.


“1931 න් පසු රාජපක්ෂලා නොමැති පාර්ලිමේන්තුවක් බිහි වීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි. මේ වන විට රාජපක්ෂ පස්දෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වන ආකාරය පිළිබඳව විවිධ සැලසුම් සකස් කරමින් ඉන්නවා.”

එවැනි තත්ත්වයකදී පාර්ලිමේන්තුවට රාජපක්ෂලා ඇතුළත්වීම සඳහා වූ මැතිවරණයක් වැදගත් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රශ්න කරන්නේ ජනාධිපතිවරයාගෙනි.

රට ආර්ථික සහ දේශපාලන වශයෙන් ම ස්ථාවර කිරීමේ අවශ්‍යතාවක් ඇති බව මෙන්ම ඊට සාපේක්ෂව රාජපක්ෂලාට පාර්ලිමේන්තුවට ඇතුළත් විය හැකි ඡන්දයක් පැවැත්වීම ප්‍රමුඛ වන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා විමසනු ලබයි.

 

''රාජපක්ෂලා පස් දෙනෙක් පාර්ලිමේන්තුවට යවන ඡන්දෙද වැදගත්, ජූනි මාසයේ ණය ප්‍රතිව්‍යුහගත කරලා රට ස්ථාවර කරන එකද වැදගත් කියලා දැන් ජනාධිපතිතුමා තීරණය කරන්න ඕන'' 

 

එකවරම ප්‍රජාතන්ත්‍රවාදී වු බැසිල් රාජපක්ෂ

පාර්ලිමේන්තුව තුළට කුමන හෝ ක්‍රමයකින් ඇතුළු වීමට රාජපක්ෂ කණ්ඩායම උත්සාහ දරන බව පවසන මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණයෙන් රාජපක්ෂලාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ හැකියාවක් නොමැති බවයි පෙන්වා දෙන්නේ.

එය වටහාගෙන ඇති බැසිල් රාජපක්ෂ විවිධ උපක්‍රම යොදමින් රාජපක්ෂලා දේශපාලනයේ පවත්වා ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ එකවරම ප්‍රජාතන්ත්‍රවාදී වී ඇතැයි පවසන චම්පික රණවක මන්ත්‍රීවරයා එය රාජපක්ෂවරු පස්දෙනා පාර්ලිමේන්තුවට තේරී පත් කර ගැනීමේ අවශ්‍යතාව මත මතුවූ තත්වයක් බව කියා සිටියේය.

විවිධ අදහස් මතු වුවද සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

එහිදී  රාජපක්ෂ නොවන ඕනෑම පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශ කිරීමට රටේ ජනතාව සූදානමින් සිටින බවත් එවැනි තත්ත්වයකදී බැසිල් රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී වී, පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින්නේ රාජපක්ෂලාගේ පැවැත්ම වෙනුවෙන් බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණ කරයි.

 
(චතුරංග මේදිස්)
 
pcr erghe89

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්