leader s

අද (10) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 221.24 ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය. 

ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,121.91 ක් වාර්තා වූයේ පූර්ව ගනුදෙනු දිනට සාපේක්ෂව 4.14% ක පහළ යාමක් වාර්තා කරමිනි.

කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා අනුව තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය දෙවැනියාට විශාලතම අගය අද දින වාර්තා වී තිබේ. 

 තනි දිනක් තුළ දෙවැනි විශාලතම වැඩිම කඩා වැටීම !

මීට පෙර 2010 වසරේ ඔක්තෝබර් 12 වන දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 300.59කින් පහළ ගොස් තිබෙන අතර එදිනට පසු අද දින වාර්තා වූ ඒකක 221.24 ක පහළ යාම තනි ගනුදෙනු දිනයක් තුළ ඉතිහාසයේ දෙවැනියාට විශාලතම පහළ යාම ලෙසින් සටහන් වේ.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 117.86 කින් දිනය තුළ පහළ ගිය අතර දිනය අවසානයේ දී එම අගය ඒකක 2,361.75 ක් ලෙසින් වාර්තා විය. 

මෙය පූර්ව ගනුදෙනු දින හා සැසඳීමේ දී 4.75%ක පහළ යාමක් වේ.

(අද දෙරණ)

සබැඳි පුවත් :

ආර්ථික අර්බුදය තවත් උග්‍ර අතට : සති දෙකක දී රු. බිලියන 20ක විදෙස් ආයෝජන රටින් පිටවෙයි ! -කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්!

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්