ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත විය.


කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු මියයන විට 79 වියෙහි පසුවූයේය.

ඔහු වෘත්තීය රංගනයට පිවිසෙන්නේ මීට වසර 55 කට පෙර 1969 ‘කවුද හරි‘ චිත්‍රපටයෙනි.

හාරලක්ෂය (1971), සිරිපාල හා රන්මැණිකා (1977), වීර පුරන් අප්පු (1978), බැද්දේගම(1981), සක්විති සුවය (1982), ඩොරින්ගේ සයනය
(1985), පාලම යට (1990), කුලගෙය (1992), සෙයිලම (1995), ප්‍රේමවන්තයෝ (2004) ඇතුළු චිත්‍රපට 14 ක පමණ ඔහු රංගනයෙන් දායකවී ඇත.

රංගන ශිල්පි ගීතාල් පෙරේරා, මෑත කාලීනව වඩාත් රසික ආදරයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනී නාලිකාවෙහි විකාශිත නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සරාගේ පියා ලෙස රඟපෑ චරිතයෙනි. එහි ආදරණීය, නිහඬ පියෙකුගේ චරිතයට ජීවය එක්කාසු කළ ඔහු නිරායාසයෙන්ම සහෘද හදවත් සංවේදී කිරීමට සමත්කම් දැක්වීය.

geethsl





 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්