පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයෙදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහය නොදෙන බවත්

දේශපාලනිකව නිහඬ වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

“ මම දන්න ආකාරයට නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කිරීමට පක්ෂයේ සාකච්ඡාවක් නැහැ. ඒ වගේ තනතුරකට එන්න තව අද්දැකීම් ලබන්න ඕන. නාමල් රාජපක්ෂ තරුණයෙක්. ජනාධිපතිවෙන්න ඔහුට තව කල් තිබෙනවා. යම් හෙයකින් මේ ජනාධිපතිවරණයේදි අපේක්ෂකයා විදියට නාමල් රාජපක්ෂ දැම්මොත් මම ඔහුට උදවු කරන්නේ නැහැ. මම දේශපාලනයෙන් නිහඬ වෙනවා.''

අමාත්‍යවරයා එබව කියා සිටියේ, ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් සමඟ, උඩුගම්පළ, සිය දේශපාලන කාර්යාලයේදී ඊයේ (02) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි. 


''රනිල්, අලියා ලකුණින් ආවොත් උදවු කරන්නේ නැහැ''


වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් ද වැළකී සිටින බව අමාත්‍යවරයා එහිදී පැවසිය.

“අලියා” ලකුණ හෝ “පොහොට්ටුව” ලකුණ නොවන සියලුම දෙනාට එකඟවිය හැකි පොදු ලකුණකින් ජාතික අපේක්ෂකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බව ඇමතිවරයාගේ අදහස විය.

විරුද්ධවාදීන් කුමක් කීවද එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමට තමන්ගේ කිසිඳු සූදානමක් නැතැයි ඔහු අවධාරණය කර සිටියේය.


''රනිල්ට නැවත වරක් ජනාධිපතිධූරයට පත්වීමට පොහොට්ටුවේ සහයෝගය අත්‍යාවශ්‍යයි'' 



එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත වරක් ජනාධිපතිධූරයට පත්වීමටනම් ඔහුට ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගට අත්‍යාවශ්‍ය වන බවයි.


මේ වෙනකොට පක්ෂයේ සියයට 80ක් විතර ඉන්නේ ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිවරායට සහය දිය යුතුයි කියලා. දැනටමත් ජනාධිපතිවරණය හා අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ ඉහළ මට්ටමේ නායකයන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒ සාකච්ඡාවේ ප්‍රථිඵලය අනුව පක්ෂය නිවරදිම තීන්දුව ගනීවි. රනිල් වික්‍රමසිංහ ඒක්ක අපිට දේශපාලනිකව ප්‍රශ්න තිබුණා. ඔහුව 27 වරක් පැරැද්දුවේ අපේ දේශපාලන කඳවුර. නමුත් අභියෝගාත්මක වෙලාවේ ඔහු ඉදිරියට ඇවිල්ලා වැඩ පෙන්නුවා. අනුර කුමාර, සජිත් ප්‍රේමදාස වගේ අය තමන්ගේ දේශපාලන මතය ජනප්‍රිය කරගන්න කයිවාරු ගහපු එක විතරයි කළේ.



අනුර කුමාර, චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ කැබිනට් ඇමති කෙනෙක්. ඔහු වැව් හදන්න ගිහිල්ල ඒ වැඩේ අනාගත්තා. 88/89 මිනී මරපු ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජනබලවේඟය නමින් ඉන්නවා. ඒ ඇයි? ජනතා විමුක්ති පෙරමුණ නමින් ගමනක් යන්න බැරි නිසා. එයාල මහින්දට උදවු කළා, චන්ද්‍රිකාට උදවු කළා. ඔවුන් වැඩ කරලා රිසාල්ට් පෙන්නපු තැනක් කියන්න. එයා මේ දේශපාලන සිස්ටම් එක ඇතුලේ ෆේල් වෙච්ච කෙනෙක්.'''

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්