පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ ට අද (03) දැනුම් දුන්නේය.


නීතීඥ සන්දීප්ත සූරියආරච්චි ගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මේ පිළිබඳ දැනුම් දුන්නේය.

''ප්‍රහාරය මෛත්‍රී මුල ඉඳන් දැනගෙන හිටියා''

මේ අතර සිරිල් ගාමිණි පියතුමා පැවසුයේ, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුල සිටම දැනගෙන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බවයි. 

පොලිස්පතිවරයා කටුවපිටියේ වින්දිතයන්ගේ සුව දුක් බැලීමට යෑම ගැන අප්‍රසාදය පළ කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

'' අපි ඉල්ලන්නේ වියළි සලාක මල්ලක් නොවෙයි. වින්දිතයන් බලල යන එක නොවෙයි. අපි ඉල්ලන්නේ ඒ අයට යුක්තිය'' යයි සිරිල් ගාමිණි පියතුමා තවදුරටත් පැවසූහ.

(lankadeepa.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්