ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය.

ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවුණි.

මන්ත්‍රීවරයාගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කලේ ඔහු දීර්ඝ කාලයක් වකුගඩු රෝගයෙන් පෙලුණු බවයි.

මේ අතර නන්දසේන මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සදහා මනාප ලැයිස්තුවේ ඊලගට සිටින වීරසේන ගමගේ  පත්වීමට නියමිතය.

 දීර්ඝ කාලයක් උතුරු මැද පලාත් සභාව නියෝජනය කල වීරසේන ගමගේ, එහි කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙසත් 7 වතාවක් වැඩබලන මහ ඇමතිවරයා ලෙසත් කටයුතු කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්