මහාචාර්ය භික්ෂුන් වහන්සේ නමක්  මාධ්‍ය හමුවක් කැදවමින් පසුගියදා  සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් සමාජය තුළ මහත් කතාබහට ලක්වු "හතේ අපේ පොත"  පාසල් පොතක් ලෙසින් භාවිතයට ඉතා සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගමගේ අත්සනින් යුතුව 2020 පෙබරවාරි මස 25 දින යොමු කර ඇති එම ලිපියකින් පෙන්වා දී ඇත්තේ, සිය කොමිෂන් සභාවේ නිගමනය පරිදි එම අත්පොත පාසල් පද්ධතිය තුළ ඉගැන්වීම දරුවන්ගේ මානසික වර්ධනයට මෙන්ම පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් වන බවයි.

"මෙම අත්පොතේ අන්තර්ගතය මෙම කොමිෂන් සභාව විසින් දකිනුයේ ළමා සංවර්ධනයට අවශ්‍ය තොරතුරු විද්‍යාත්මක පදනමකින් හා විධිමත් අධ්‍යාපනය තුළින් දරුවන් වෙත ලබා දීමේ ප්‍රශස්ත වෑයමක් ලෙසයි,” යනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ හා කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රීනී  තුසිතා විජේමාන්න වෙත යොමු කර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

Deepika 2020නිර්මාණශීලී, ඉහල ආත්ම විශ්වාසයකින් හෙබි, මානසික හා කායික සුවතාවයෙන් ඉහල මට්ටමක සිටින දරුවන් බිහි කිරීම ඕනෑම සමාජයක මුඛ්‍ය අරමුණ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාව පිළිගෙන ඇති ළමා අයිතිවාසිකම් වල මුඛ්‍ය අරමුණ වන්නේද එයම බව සිහිපත් කර දී තිබේ.

මෙම අත්පොත නිර්මාණය කර ඇත්තේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුනතා පිළිබද මනා දැනුමක් ඇති වෛද්‍යවරුන් පිරිසක් බව අමතක නොකළ යුතු බවද අවධාර ණය කරන ආචාර්ය දීපිකා උඩගම සිය නිරීක්ෂණය පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවල කාරුණික සැලකිල්ලට ගන්නා ලෙසද සිය ලිපිය මගින් ඉල්ලා සිටි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වට පවත්වන්නේනම් මානව හිමිකම් කොමිෂන් සභාවට ද කරුණු දැක්වීමට අවස්ථාව සලසා දෙන මෙන් ඇය එම ලිපියේ වැඩි දුරටත් සදහන් කර තිබේ.

මැදගොඩ හිමිගේ විරෝධය

ළමා මනස දුෂණය කරන  ග්‍රන්ථයක් ලෙසින් "හතේ අපේ පොත"  හෙලා දුටු මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගිය ආණ්ඩුව සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති එම පොත වහාම එය අවලංගු කළ යුතු බවට මාධ්‍ය හමුවක් පවත්වමින් මුල්වරට විරෝධතාවයක් පළ කර තිබුනි.

ඒ 2019 වසරේ දෙසැම්බර් මස  24 දින  පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න හා අකිල විරාජ් කාරියවසම් ගේ මැදිහත් වීම මත නව යොවුන් විය පිළිබඳ ලබා දුන් 7 ශ්‍රේණියේ පෙළ පොත එම වයසේ දරුවන්ට නොගැළපෙන අතර එය  දරුවන්ගේ ගුණධර්ම වලට  බරපතළ ලෙස බලපෑම් එල්ල කරන අයුරින්  සකසා ඇති බව එම හිමියන්ගේ චෝදනාව විය.

මෙය හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුවු වැරදීමක් නොවන අතර මෙය හිතා මතා සිදුකර ඇති සංස්කෘතික විනාශයේ එක් කොටසක් බව එම හිමියන්ගේ මතය විය. 

ලොරිවලට ආපසු  දෙන්න

"තේ අපේ පොත" සිසුන් වෙත බෙදා හැරීම නොකළ යුතු බවට භික්ෂු විරෝධයෙන් අනතුරුව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා සියලුම විදුහල්පතිවරුන් සහ සියලුම මධ්‍යස්ථානාධිපතිවරුන් වෙත පසුගිය වර්ෂයේ අවසාන කාර්තුවේදී  උපදෙස් ලබා  දී තිබුණි.

'හතේ අපේ පොතේ' සියලු පිටපත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොරිවලට ආපසු  ලබා දෙන ලෙස අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් ජයන්ත වික්‍රමනායක උපදෙස් දී තිබුනි.''

දැනට මෙම පොත පාසැල් දරුවන්ට ඉගැන්වීම පිළිබදව අවිනිශ්චිත තත්වයක් ඇති බවත් ඒ පිළිබදව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කමිටු මගින් අදාළ විශේෂඥයන් හා සිවිල් ක්‍රියාධරයන් සමග සාකච්ඡා පැවැත්වු බවත් ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිෂන් සභාව දැන ගත් බව ආචාර්ය දීපිකා උඩගම පාර්ලිමේන්තුවට තව දුරටත් දන්වා තිබේ.

සබැඳි පුවත් :

‘‘හතේ අපේ පොත’’ කාලෝචිතයි : හංගන්න හංගන්න තමයි ප්‍රශ්න'' - රුහුණු සරසවියේ කුලපති නාහිමි

හතේ අපේ පොත' : අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි - අශෝක හඳගම

'අපේ හතේ පොතෙන්' දරුවන් වල් වේද? - මැදගොඩ උන්නාන්සෙට ඇති රුදාව මොකද්ද?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්