ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා 2023 වසරේ දී පමණක් රුපියල් බිලියන 200කට ආසන්න

මුදලක් දැනටමත් ගෙවා ඇතැයි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

දිළිදු ජනතාව සවිබල ගැන්වීමට රු. බිලියන 200 ක සමාජ ආරක්ෂණ ජාලයක් 

2021 සහ 2022 වසරවල රටේ ජනතාව මුහුණ දුන් දැඩි ආර්ථික අපහසුතාවයන් ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම රජය සිය වගකීමක් ලෙස සලකණු ලබයි.

සමෘද්ධි ආධාර, සමෘද්ධි ණය, වයස 70 වැඩි වැඩිහිටියන් සඳහා වන දීමනාව, වසර 100 වැඩි වැඩිහිටියන් සඳහා වන දීමනාව, ආබාධිතයින් සඳහා වන දීමනාව, වකුගඩු ආබාධ සහිත රෝගීන් වෙත ලබාදෙන දීමනාව සහ අස්වැසුම දීමනා ලෙස 2023 වසරේ දී පමණක් රු. මිලියන 184,098.27 ක මුදල් රජය විසින් අවශ්‍යතා සහිත පිරිස් වෙත ලබාදී ඇත. තව ද, අස්වැසුම අභියාචනා සහ හිඟ මුදල් ද 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය වෙනුවෙන් රජය වැය කළ මුළු මුදල් රු. මිලියන 189,650.95 (බිලියන 189.6)  කි.

අස්වැසුම පළමු වටයේ දී සහන නොලැබූ පිරිස් වෙත 2024 පෙබරවාරි මස රු. මිලියන 1813 ක සහන සලසා දෙනු ලැබීය.

එයට අමතරව අස්වැසුම අභියාචනා සලකා බැලීමෙන් පසුව තවත් රු. මිලියන 13,697.35 ක මුදලක් දිළිදු ජනතාව වෙත ලබා දී ඇත.

සමෘද්ධි ණය වශයෙන් ලබාදූන් මුදල ද සමඟ 2023 වසරේ සමාජ ආරක්ෂණ ජාලය සඳහා රජය වැය කළ මුළු මුදල රු. මිලියන 199,608.62 ක් හෙවත් රුපියල් බිලියන 200 කට ආසන්නය.

2022 අගෝස්තු මස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමේන් පසුව  2023 දෙසැම්බර් (මාස 17 තුල) දක්වා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 129.93ක් ලබාදී ඇති අතර, එහිදී සමෘද්ධි සහනාධාර ලෙස රුපියල් බිලියන 65,91 ක් දිළිඳු ජනතාව වෙත ලබා දී ඇත.  
සමාජ ආරක්ෂණ ගෙවීම් වෙනුවෙන් (උපත්, විවාහ, මරණ, රෝග, සිප්දොර ශිෂ්‍යත්ව, නිවුන් දරු උපත්) රුපියල් බිලියන 4.52ක මුදලක් ලබාදී තිබේ. මීට අමතරව සමෘද්ධි බැංකු ණය වශයෙන් රුපියල් බිලියන 59.5ක මුදලක් ද එම කාලසීමාව තුල ලබාදී ඇත.

මෙයට අමතරව, මේ වසරේ දී පාසල් දරුවන් සඳහා පෝෂණ වැඩසටහන්, ගැබිණි මව්වරුන් සඳහා ආධාර වැඩසටහන් ද, නොමිලයේ සහල් කිලෝ 20 බැගින් දිළිදු පවුල් වෙත ලබාදීම ද රජය මගින් ක්‍රියාත්මක කර ඇත.

කාන්තා දිනයේ දී ජනාධිපතිවරයා විසින් ආරම්භකල “ලිය සවිය” ණය වැඩසටහන යටතේ 12% පොලියට ණය බරින් පෙළෙන කාන්තාවන්ට සහන සැලසීමට පියවර ගෙන ඇත.

මෙයට පෙර ක්‍රියාත්මක වූ ජනසවිය, සමෘද්ධි වැනි වැඩසටහන් හි සිදු වූ දුෂණ, අකටයුතුකම් හා නිලධාරීවාදය ඉවත් කර සමාජ ආරක්ෂණයේ මුලිකාංග හා බැඳුණු වැඩපිළිවෙලක් ගොඩනැගීමට රජය පියවර ගෙන ඇත. දැනට රටේ ක්‍රියාත්මක විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන් 30 කට වැඩි සංඛ්‍යාවක විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක කිරීම රජයේ සැලසුම වී ඇත.

ලෝක බැංකුව විසින් අස්වැසුම වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200 ක ණයක් ලබා දී ඇති අතර එය වසර 5 ක සහන කාලයක් ද සහිතව වසර 30කින් ආපසු ගෙවිය යුතුය.

2024 මාර්තු 31 වන විට අස්වැසුම ප්‍රතිලාභීන් 1,854,308 කි.
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්