අරගල සමයේ ගාලුමුවදොර සිට ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානය විසුරුවා හැරීමට එහි දේශපලන මණ්ඩලය තීරණය කර තිබේ. 


මැතිවරණ උණුසුමත් සමග එම සංවිධානයේ සිටි ක්‍රියාකාරීන් මේවනවිට විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් ලෙස දායකවී සිටිති. එහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න මේවනවිට අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන 'එක්සත් මහජන පක්ෂයේ' දේශපාලන ලේකම්වරයා ලෙස කටයුතු කරයි. 

තම සංවිධානයේ ක්‍රියාකාරීන් මේ මොහොතේ තෝරාගෙන ඇති මාවත් ඔස්සේ නිදහසේ ගමන් කිරීම සඳහා Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන බව එම සංවිධානය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ. 

ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ එම සංවිධානය නිකුත්කර ඇති නිවේදනය පහත පළවේ. 

420515395 444844218204810 5936495283929003366 n
අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයනි,

Black Cap Movement ආරම්භ වූයේ අඳුරු කාලයක බලාපොරොත්තුවේ ගිනි පුපුරක් වශයෙනි. වෙනසක් සඳහා වූ අපගේ කැඳවීමට සම්බන්ධ වූ අසංඛ්‍යාත මිනිසුන් ගැන අපි කෘතඥ වෙමු. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, ජනාධිපතිවරයෙක් තම ධූරයෙන් පලවා හැරීමේ ජනතා ජයග්‍රණය අපි සියලු දෙනා එක්ව ලබාගත්තෙමු.

අප සංවිධානය නිර්මාණය වුයේ දේශපාලනිකව අඳ ගොළු බිහිරිව සිටි අයගෙන් නොවේ. සක්‍රිය දේශපාලන පුරවැසි නායකයන් සමුහයකිනි. ඔවුන් විවිධ දේශපාලන සහ සමාජ නැමියාවන් සහිත පිරිසක් වූ අතර ජනතා අරගලය තුල සියල්ලෝ එක් අරමුණක් වෙනුවෙන් කැපවිය. නමුත් අප දැන් ඒ සියලු අත් අත්හැර ඔවුන්ට අනන්‍ය වූ ගමන් මාර්ග යාමට නිදහස් කල යුත්තෙමු.

ඒ අනුව ගාලු මුවදොර අරගලයට වසර දෙකක් සපිරෙන අද දිනයේ අප අපේ සියලු සටන් සඟයන්ට ඔවුන්ගේ මාවත් වෙත යාමට Black Cap Movement සංවිධානය පුර්ණ වශයෙන් අවසන් කරන්නෙමු.

Black Cap Movement ගමන අප අවසන් කරන්නේ දුෂ්කර ජනතා අරගලය ප්‍රජාතන්ත්‍ර කිරීමටත්, ප්‍රචණ්ඩකාරී නොවීමටත් මග පෙන්වූ සිතියමත්, මාලිමාවත් වූ, රට ප්‍රතිසංස්කරණ මාවතට අවතීරණ කිරීමට දායක වූ පුරෝගාමී සංවිධානයක් ලෙසිනි.

*Hasta la vista!*

සබැඳි ලිපි :
නාමල් එපා - රනිල් ඕනා : (එරන්ද ගිනිගේ)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්