ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීරණ එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ වීර කුමාර දිසානායක විසින් මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (8) බාර දී තිබේ.

දේශපාලන මණ්ඩල රැස්වීමේදී කරන ලද නව පත්කිරීම් සම්බන්ධයෙන් එහිදී කොමිසම දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම ඊයේ කැඳවා තිබුනේ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා විසිනි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද කොළඹ පදනම් ආයතනයේ දී ඊයේ (8) පැවති රැස්වීමට නිරීක්ෂකවරියක ලෙස සහභාගී වී සිටියාය.

මෙම විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමකදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන තිබිණ.   

මෛත්‍රීපාල බැංකොක් සංචාරයක

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (09) පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ඔහු සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ.

ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් අලුයම 12.55ට පිටත්ව ගොස් තිබේ.

(lankadeepa.lk)

සබැඳි ලිපි :

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් ද?


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්