රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු

බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා, එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුයේ, මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.

සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා, එම කටයුතු සඳහා නීති ක්ෂේත්‍රයේ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.


(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්