අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇති බව දැනුම්දෙයි.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දක්වා තිබේ.
අලුත් අවුරුදු චාරිත්‍රයක් වන ජාතික හිසතෙල් ගෑමේ චාරිත්‍රය 2024 අප්‍රේල් මස 15 වන දිනය යෙදී ඇති හෙයින් මෙලෙස නිවාඩු දිනයක් බවට පත් කර ඇත.
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.