ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙමින් තිබෙන අතර පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව

දෙපාර්ශ්වයම සඳහන් කරයි.

අවුරුදු නිවාඩුවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය විවෘත කර එහි බලය අත්පත් කර ගනිමින් පක්ෂය ගොඩනගන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහය දක්වන ඇමති නිමල් සිරිපාද සිල්වා ගේ කණ්ඩායම සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කඩිනමින් වෙනස් කර නායක නමින් නව තනතුරක් ස්ථාපනය කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට තවදුරටත් එහි සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බවද ඔවුහු කීහ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රී පාලන සිරිසෙන් ගේ කණ්ඩායම සඳහන් කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහාය දක්වන කණ්ඩායමට පක්ෂයේ බලයක් නොමැති බවයි.

නිමල් සිරිපාල සිල්වා වැඩ බලන සභාපතිකමෙන් ඉවත් කරන කරන බවද ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම කණ්ඩායම කියයි.

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට බෙදී ඇති කණ්ඩායම් අර්බුදය අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව නැවත කරලියට පැමිණෙන බව කණ්ඩායම දෙකේම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ .

මුන්නේෂ්වරම් කෝවිලේ විශේෂ පූජාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල පැන නැගී ඇති කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් ට එරෙහිව සහ පක්ෂයට සෙත්පතා පවත්වන විශේෂ පූජාවක් අද (11) පෙරවරු 10.00 ට හලාවත මුන්නේෂ්වරම් කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රී පාලන සිරිසෙන් ගේ කණ්ඩායම පවසයි.

එසේම, පුත්තලම්  දිස්ත්‍රික්කයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහභාගීත්වයෙන් පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් හලාවත මුන්නේෂ්වරම් කෝවිල පරිශ්‍රයේ දී
අද පැවැත්වෙන බවත් ඊට  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු සහභාගී වනබවත් එම පාර්ශවය නිවේදනය කර තිබේ.                                                

(මුලාශ්‍රය : lankadeepa.lk -ආරියරත්න රණබාහු )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්