ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරියක වූත්, ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියවූත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දිනය නිමිත්තෙන්

වාර්ෂිකව සිදුකරන උත්සවය මෙවරද හිටපු ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධානත්වයෙන් පැවැත්වේ. 

කොළඹ B.M.I.C.H පරිශ්‍රය තුළ වු සිරිමා මැතිණියගේ පිළිරුවට, පූෂ්ප උපහාර දැක්වීම අප්‍රේල් මස 17 දින පස්වරු 2.00ට සිදු කෙරේ.

WhatsApp Image 2024 04 11 at 7.06.25 AM
සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) උපත ලද්දේ 1916 අප්‍රේල් 17 වන දින, රත්නපුර ඇල්ලවළ වලව්වේදීය.

නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාව ඇය යි. ඇය ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය.

උඩරට රදල පවුලක උපත ලද ඇය, කතෝලික, ඉංග්‍රීසි මාධ්‍ය පාසල් වලින් අද්‍යාපනය ලැබුවද, බුද්ධ ධර්මය අත් නොහැරියාය. ඉංග්‍රීසි මෙන්ම සිංහලද කතා කළාය. පාසලින් නික්ම යාමත් සමග ඇය විවිධ සමාජ වැඩසටහන් කිරීමෙන් අනතුරුව විවාහ වී පවුල් ජීවිතයට සම්බන්ධ විය.

 

WhatsApp Image 2024 04 11 at 7.13.48 AM

විවාහ ආරාධනා පත්‍රය - 1940 අගෝස්තු

 

ඇගේ ස්වාමියා වූ එස්. ඩබ්ලිව් . ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට සහකාරියක් වූ ඈ, ඔහුගේ විශ්වාසය දිනාගත්තේ ඔහුගේ උපදේශකයක බවට පත් වීමෙනි. ගම් බද පළාත්වල ගහැණු ළමයින්ගේ හා කාන්තාවන්ගේ ජීවන තත්ත්ව දියුණු කිරීම ඇගේ සමාජ සේවයේ අරමුණ විය. 

1959දී ඇගේ ස්වාමිය ඝාතනය වීමත් සමගම ඈ දේශපාලනයට එක් විය. ස්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූවාය. ඇයගේ නායකත්වය යටතේ, එම පක්ෂය 1960 ජූලි පාර්ලිමේන්තුවරණය ජයග්‍රහණය කළේය.

1972දී ඇය අගමැතිනිය ලෙස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අධීක්ෂණය කළාය. එමගින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කළේ බ්‍රිතාන්‍ය කිරීටය ඉවත් කිරීමෙනි. 

1975දී ඈ කාන්තා හා ළමා කටයුතු නිර්මාණයට අගමැති ලෙස දායක වූවාය. ඇය අන්තර්ජාතික දේශපාලනයට වැදගත් සේවයක් ඉටු කළේ නොබැඳි රටවල් පිලේ නායකත්වය ගනිමිනි.

1977දී බලයෙන් ඉවත් වූ ඇයගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ රජය 1980දී යොමු වූවේය. ඇයට රාජ්‍ය සේවයේ යේදීමේ හැකියාවද වසර හතකට විසන්ධි කරන ලදි. 

ඇය 1986 පක්ෂ නායකත්වය නැවත ලබාගැනීමත් සමගම මෙරටට ඉන්දියානු සාම සාධක හමුදාව ගෙන්වීමට එරෙහි වූවාය. එමගින් ශ්‍රී ලංකාවේ පරමධිපත්‍ය නැති වන බව ඈ විශ්වාස කළාය. 

1989 දී ජනාධිපතිවරණයෙන් පරාජය ලත් ඈ, එකල් සිට 1994 දක්වා ව්‍යවස්ථාදායකයේ විපක්ෂ නායක ධූරය දැරුවාය. ඇගේ දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එම වර්ෂයේ ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමගම, සිරිමාවෝ මැතිනිය තෙවන වරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වුණි. ඇය එම ධූරයේ ඇය 2000දී විශ්‍රාම යන තුරු සේවය කළාය. විශ්‍රාම යෑමෙන් මාස දෙකකට පසු 2000 ඔක්තෝම්බර් 10 වෙනිදා ඈ අභාවප්‍රාප්ත විය.

(උපුටා ගැනීම් -විකිපීඩියා වෙතින්)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්