තනි තනිව වාද විවාද කිරීමට නොහැකි වන විට එම වාද විවාදවලට රනිල් වික්‍රමසිංහත් ගෙන ආ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ

අපේක්ෂිකාවන් යෝජනා කරනවායැයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

එසේ නොකියා කොන්ද කෙළින් තබා ගෙන වැඩ කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කට වගේම වැඩත් තිබිය යුතු බවයි අවධාරණය කරන්නේ.

හැම වාදයකටම පස්සේ රටට වැඩ කරන නායකයා කවුද? හා කයිය සපයන නායකයා කවුද? කියා ජනතාව තීන්දු කරනු ඇති බව සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 154 වැනි අදියර යටතේ අද මොණරාගල වැල්ලවාය තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු කියා සිටියේය.

රටට සත්‍ය හෙළිදරව් කළ හැකි නිවැරදි දර්ශනයක්, ගමනක් සහිත එම ගමන දැනටමත් වැඩපිළිවෙළකට පරිවර්තනය කර මෙරට ක්‍රියාත්මක කර ඇත්තේ කවුද කියා වාද විවාද කිරීමට තමා ඕනෑ ම වෙලාවක සූදානම් බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි වාද විවාදවලින් පැන නොයන ලෙසට විප්ලවකාරී නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ආර්ථිකය අර්බුදය ගැන තමාගේ කණ්ඩායම මෙන් ම ප්‍රතිවාදී කණ්ඩායම් ද එකට ගෙන්වා විවාදයක් සිදු කරන විට නිවටයෝ ලෙස විවාදවලින් පළා නොයන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


සබැඳි පුවත් :
මාලිමාවෙන් සජිත්ට දැනුම්දීමක් !


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්