leader s

කොවිඩ් 19 වෛරසය පැතිරයාම දේශීය වශයෙන් වසංගත තත්වයක් දක්වා වර්ධනය වුවහොත්,

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනය කල් දැමීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසිය.

ඔහු එබව කියා සිටියේ, මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බලනවා දැයි කළ විමසීමකදීය.

කෙසේවෙතත් තවම වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර නොමැති නිසා ඡන්ද කල්දැමීම පිළිබඳව දැන්ම සලකා බැලීමක් නොකරන බව ද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියේ 3 වන උප වගන්තිය යටතේ, ජනාධිපතිවරයා මහ මැතිවරණයට දින නියම කිරීමෙන් පසුව හදිසි තත්වයක් යටතේ මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට ඇති බව පැවසු මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, කෙසේවුවද කොමිසමට කල් දැමීමේ හැකියාව ඇත්තේ මැතිවරණ දිනය බවත්, නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය කල් දැමීමේ හැකියාවක් නොමැත බවත් කියා සිටියේය.

(අනිද්දා - තරිඳු උඩුවරගෙදර)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්