යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට
රෝහලේ වෛද්‍යවරුන් පවසති.
යාපනය පදිංචි මෙම කාන්තාව පසුගිය සතියේ ප්‍රංශයේ සිට පැමිණ යාපනය අරාලි ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටින අතර උණ රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.
අධික උණ තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවටය.
කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ද පසුගිය දා කොවිඩ් ආසාදිත මරණයක් වාර්තාවිය.
(lankadeepa.lk - රොමේෂ් මධූෂංඛ)
සබැඳි පුවත් :
කුරුණෑගල රෝහලේ කෝවිඩ් මරණයක්