ඊළඟ අලුත් අවුරුද්ද සමරන්නේ IMF එකත් සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂියවාදී ගිවිසුමක් සමග මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන

යුගය ආරම්භ කරමින් බව විපක්ෂ නායකවරයා පවසයි.

දැනටමත් මේ සම්බන්ධව IMF සමග සාකච්ඡා කර ඇති බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ, ආර්ථිකය සංකෝචනය කරන කුඩා කරන විසදුමක් නොව සැමට සුබසාධනය සෞභාග්‍ය උදා කරන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවයි.

'සක්වල සුහුරු පන්ති කාමර' ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ ඊයේ (15) හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේය.

 සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 156 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1702ක් වැය කර තිබෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි.

 
රටෙන් හරි අඩක් දැඩි පීඩනයක



අවුරුදු සමයේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී අවුරුදු මේසය පවා හරියාකාරව සකස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විරැකියාව වැඩි වී කර්මාන්ත ශාලා වැසී යාම නිසා රටෙන් හරි අඩක් දැඩි පීඩනයකින් සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

රටේ 50%ක් කටුක දුක්ඛිත ජීවිතයත් ගත කරන විට හැමදේම හරි කියා කියන පිරිසක් සිටියත් මේ ස්ථායීකරණය ජනතාවට දුකක් ලබා දි ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමස්ත පාසල් දරුවන් සිටියදී ප්‍රාථමික දරුවන්ට පමණක් ආහාර ලබා දීම, දුප්පත්කම තුරන් කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම, රැකියා නිර්මාණය කරන ආයෝජන නිර්මාණය නොවීම ඇතුළු සෑම අතකින්ම රට කඩා වැටී ඇති නිසා දුගී කම වර්ධනය වී බවයි සජබ නායකයා පෙන්වා දෙන්නේ.

මිනිසුන්ගේ ජීවිතවලට මුහුණ දෙන අභියෝග වැඩි කර හැමදේම ස්ථායිකරණය වී ඇති බව පවසන බවත් තෙල් පෝලිම් නැති වුවත් ඉන්ධන භාවිතය අඩු වී ජනතාව අසහනයට පත්වීම තුළ පෝලිම් නැතිවී ඇති බව ද හෙතෙම පැවසීය.

වර්තමානයේ රටේ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරිසන් අමානුෂීයවාදී පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.


''නැවතත් පුහු වීරයක්ට රැවටෙන්න එපා''


මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.

 තමතමන්ට ඕන විදිහට සිංහල පමණයි දමිල පමණයි කියා දූපත් මානසිකත්වයෙන් සිටිනවාට වඩා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙද පොලේ ඉල්ලුමට සරිලන ලෙස විෂය නිර්දේශ නිර්මාණය විය යුතු බවත් තවදුරටත් වැහුණු සංවෘත රටක් නොවිය යුතු බවත් කණ්නාඩිය ඉදිරිපිට ජය වේවා කියන රටක අධ්‍යාපනය සාර්ථක නොවන නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

 
(චතුරංග මේදිස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්