ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සූර්ය මංගල්‍යය වෙනුවෙන් මීට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය වූ ගීතයක් විකෘති කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

2014 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ 'සූර්ය මංගල්‍යය' වැඩසටහන වෙනුවෙන් නිරමාණය කරන ලද එම ගීතයට, ගීත් තරංග නමැත්තෙකු පද රචනයෙන් ද, සහන් රන්වල ගී තනු නිර්මාණයෙන් ද, රෝහණ බැද්දගේ සහ රන්වල බළකාය ගායනයෙන් ද දායක වී තිබේ.

තුන් හෙළේ හැඩ අලුත් කරන්
එන්නෙ අවුරුදු කුමරු බොලන්
සූරිය මංගල්ලේ...
සූරිය මංගල්ලේ...
යනුවෙන් එම ගීතය ආරම්භ වේ.

කෙසේ වෙතත්, මෙම ගීතයේ පද විකෘති කර, එම පද වෙනුවට අසභ්‍ය වචන පද පෙරළා එම තනුවට අනුව ම ගායනා කළ වීඩියෝවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ කර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් කල විමර්ශනයකට අනුව තලාතුඔය පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු ඊයේ (16) දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Rohna PMD 2024.04.17සබැඳි පුවත් :
අවුරුදු ගීතයක් විකෘති කිරීම ගැන රෝහණ බැද්දගේ කියන කතාව


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්