විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව පවතින සාක්ෂි වල සම්පිණ්ඩනයක් මීළඟ දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ( අප්‍රේල් 17) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද ( අප්‍රේල් 17)  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී සැකකාර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

'ආගමන හා විගමන පනත යටතේ විමර්ශන සිදු කරනවා'

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්

"ස්වාමීනී.. විදේශ රැකියා ලබාදන බව පවසා මුදල් ලබා ගැනීම, එම කටයුතු සංවිධානය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ මෙම සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරනවා. මීට අදාළව මෙම සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යයි. එම වැඩිදුර ප්‍රකාශය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය සංකීර්ණ විමර්ශනයක්. මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතිනවා." යනුවෙන් සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියහ.

'ආගමන හා විගමන පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් වී නැහැ'

එම අවස්ථාවේදී දමිතා අබේරත්න ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි..... ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ කරුණු සම්පූර්ණ වී තිබිය යුතුයි. එහෙත් මෙම සැකකරුවන් එරෙහිව ආගමන හා විගමන පනත යටතේ කරුණු ඉදිරිපත් වී තිබෙනවාද? යන්න ගැටළු සහගතයි. එම නිසා මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව වාර්තාවක් කැඳවන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මා ඉල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුවන්ට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් තිබෙනවාද? යන ගැටලුවක් මතු වෙනවා" යනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම සැකකරුවන්ට එරෙහිව පවතින සාක්ෂි වල සම්පින්ඩනයක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඉන් අනතුරුව සැකකරුවන් ලබන අප්‍රේල් 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

අප්‍රේල් 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔවුහු අප්‍රේල් 05 වනදා දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් අප්‍රේල්17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

(උපුටා ගැනීම් -BBC සිංහල සේවය)

 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්