කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ පියවරක් ලෙස මහ මැතිවරණය මාස කිහිපයකට හෝ කල්දැමීමට මැතිවරණ කොමිසම විසින් පියවර ගතහොත් එය ආණ්ඩුවට බරපතල ලෙස අවාසි සහගතවිය හැකි බවට ජනමත සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පෞද්ගලික ආයතනයක් හරහා ආණ්ඩුව විසින් මෙම ජනමත සමීක්ෂණය සිදුකර ඇති අතර ඊට සෑම දිස්ත්‍රීක්කයකින්ම පාහේ පුද්ගලයින් 200කට ආසන්න පිරිසකගේ අදහස් විමසීමක් සිදුකර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනකට වැඩි කාලයක් ගතව ඇතත් ජනතාව බලාපොරොත්තුවූ පැහැදිලි වෙනසක් ක්‍රියාත්මක නොවීම තුල 'පොහොට්ටුවට' ඡන්දය දුන් බොහෝ පිරිසක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කෙරෙහි  බලවත්සේ කලකිරීමට පත්ව සිටින බවත්, ආර්ථික දුෂ්කරතා හා ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන්ගේ ක්‍රියාකලාප නිසා ආණ්ඩුවේ ජනප්‍රියතාවය දිනෙන් දින බිඳවැටෙමින් තිබෙන බවත් එම සමීක්ෂණ වාර්තාවෙන් අවධාරණය කර ඇතැයි ද පැවසේ.

වත්මන් 'කොරෝනා' තර්ජනය මැඩපැවැත්වීමට ආණ්ඩුව අපොහොසත්ව ඇතැයි සමීක්ෂණයට එක්ව ඇති බහුතරයකගේ අදහස වී ඇතැයි ද වාර්තාවේ.

මෙසේ දවසින් දවස ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩුවෙමින් පවතින තත්වය තුල මහ මැතිවරණය කල් දැමීම කටයුතු නොකරන්නැයි එම සමීක්ෂණ වාර්තාව මගින් අවධාරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 

WhatsApp Image 2020 03 15 at 9.07.06 AM 

''මහ ඡන්දය කල් දාන්න පුළුවන්'' - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

කොවිඩ් 19 වෛරසය පැතිරයාම දේශීය වශයෙන් වසංගත තත්වයක් දක්වා වර්ධනය වුවහොත්, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිනය කල් දැමීමේ හැකියාවක් ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු එබව පවසා ඇත්තේ, මැතිවරණය කල් දැමීම පිළිබඳව සලකා බලනවා දැයි 'අනිද්දා' පුවත්පත කළ විමසීමකදීය.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 වගන්තියේ 3 වන උප වගන්තිය යටතේ, ජනාධිපතිවරයා මහ මැතිවරණයට දින නියම කිරීමෙන් පසුව හදිසි තත්වයක් යටතේ මැතිවරණ දිනය කල් දැමීමේ හැකියාවක් මැතිවරණ කොමිසන් සභාවට ඇති බව පවසන මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා, කෙසේවුවද කොමිසමට කල් දැමීමේ හැකියාව ඇත්තේ මැතිවරණ දිනය බවත්, නාමයෝජනා බාර ගන්නා අවසන් දිනය කල් දැමීමේ හැකියාවක් නොමැත බවත් කියා සිටියි.

කෙසේවෙතත් තවම වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර නොමැති නිසා ඡන්ද කල්දැමීම පිළිබඳව දැන්ම සලකා බැලීමක් නොකරන බව ද ඔහු පවසයි.
 
මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විමසා ඇත්තේ, ''මැතිවරණය නවතා එම මුදල් වලින් අංගොඩ IDH වගේ රෝහල් කිහිපයක් සූදානම් කර තැබුවොත් නරකද?'' කියාය. 

කෙසේවුවද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි පවසන්නේ, 'කොරෝනා තිබුණාට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමක් කොහෙත්ම නෑ' කියාය. 

'කොරෝනා තිබුණාට මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමක් කොහෙත්ම නෑ' - පවිත්‍රා http://bit.ly/3aQme0a #lka  #Covid19'zලෝකය සමාජ, ආර්ථික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම සර්වදේශීය වසංගතයකට මුහුණ දීමට සූදානම් වෙයි. අප සූදානම් වන්නේ මැතිවරණයකට ය.' https://vikalpa.org/?p=37108 By 
@sunandadesh

Screen Shot 2020 03 15 at 10.30.20 AM
 

මේ අවස්ථාවේ මහ මැතිවරණය කල් දැමිය නොහැකිබව රජයේ මාධ්‍ය ප්‍රකාශයක ලෙස කටයුතු කළ හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේය.    

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්