leader s

'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි

වියතුන් රැසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු 'අපේ ජන බල පක්ෂය' යටතේ 'කොඩිය' ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

මේ අතර ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් 'කොඩිය' ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් බදුල්ල දිස්ත්‍රීක්කයෙන් ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ රතන හිමියන් 2018 ඔක්තෝම්බර් මස 26 සිදුවූ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂගේ පාර්ශවයට සහය දීමට ඉදිරිපත් විය.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කොට මනාප එක් ලක්ෂ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් රතන හිමි 4 වන ස්ථානයට පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේය.

ප්‍රථම වරට 2004 වසරේදී පාර්ලිමේන්තුවට පැමිණි රතන හිමියන්ගේ වසර 16ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

මෙවර මහ මැතිවරණයට පුජ්‍ය පක්ෂයට අපේක්ෂකත්වය නොදීමට 'පොහොට්ටු' පක්ෂය ගත් තීරණයත් සමග රතන හිමියන් ගිහි පැවිදි ජනප්‍රිය චරිත රැසක් එක්කර ගනිමින් මෙසේ  'කොඩිය' යටතේ මහ මැතිවරණයට ඉදිරිපත්වීමට කටයුතු කරමින් සිටිති.
 
 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්