කොරෝනා වයිරස් ආසාදනය වැළක්වීම සඳහා සහාය දීමට ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුදෙනා මුදල් ගනුදෙනු ඇතුළු මහජනතාව සමග ශාරීරික සම්බන්ධතා පැවැත්වීමේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.


 දුම්රිය ස්ථානාධිපති හෝ  දුම්රිය කාර්ය මණ්ඩලය මගීන්ට කොරෝනා වෛරසය ආසාදනය කරවන වාහකයා  බවට පත් නොවිය යුතු බැවින් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.

 එම  සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2020 මාර්තු 17 අගහරුවාදා මධ්‍යහ්න 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි මුල්‍ය කටයුතු වලින් ඉවත් වන බවයි.

 ප්‍රවේශ පත් නිකුත් කිරීම, භාණ්ඩ බාර ගැනීම හා ප්‍රවාහනය, දුම්රිය ආසන වෙන්කිරීම්, නැවත මුදල් ගෙවීමහා අනෙකුත් මුදල්/බලපත්‍ර සංසරණය වන සියලු ගනුදෙනු සිදු නොවනු ඇති බව සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මාධ්‍යවේදීන් හා ප්‍රකාශ කළේය.

දුම්රිය අවලංගු වීම් සිදු විය හැක:

දුම්රිය ධාවනය සිදු වෙන නමුදු දුම්රිය අවලංගු වීම් සිදු විය හැකි බවත් ඔහු  පෙන්වා දුන්නේය.

 මගීන් අවම මට්ටමක පවතින දුම්රිය ගමන් වාර 88 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විටත් තීරණය කර තිබෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රජය ලබා දුන් විශේෂ නිවාඩු දින 3 ට සමගාමීව මාර්තු 17 සිට 19 දක්වා මෙම දුම්රිය ගමන්වාර 88 අවලංගු කර ඇති බවයි.

මගීන්ගෙන් සහායක් නෑ

 කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා මුඛ ආවරණ පැළද දුම්රියේ ගමන් කරන ලෙස මගින් දැනුවත් කර තිබුනද ඒයට මගීන්ගෙන් සැහීමකට පත් විය හැකි ආකාරයේ ප්‍රතිචාරයක් දක්නට නොමැති බව සදහන් කළ සභාපති ජානක ප්‍රනානාදු තව දරටත් කියා සිටියේ,  දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පවා ප්‍රමාණවත් මුඛ ආවරණ සහ අත් ආවරණ ලබාදී නොමැති බවයි.

රටේ මේ වන විට මතුව ඇති තත්වයත් සමග විදේශීය සංචාරකයන් ද වැඩි වශයෙන් දුම්රියෙන් ගමන් කිරීම ද මෙවැනි තිරණයකට හේතු වු බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

Dumriya

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්