කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ගේ මාධ්‍ය ලේකම්, මාධ්‍යවේදී සංජය නල්ලපෙරුම ගේ මව වූ ගාල්ල, වඳුරඹ,

හේන්දිරිගේවත්තේ පදිංචිව සිටි පද්මා වික්‍රමරත්න මහත්මියඊයේ (08දා)  අභාවප්‍රාප්ත වූවාය.

මියැදෙන විට ඇය 74 වියෙහි පසුවිය.

නැසීගිය ඉඩම් හිමි වැවිලිකරු විජේසේන නල්ලපෙරුම මහතාගේ බිරිය වූ ඇය තිදරු මවකි.

වරලත් ප්‍රමාණ සමීක්ෂණ ගංගානී සාගරිකා හා අපනයන කෘෂිකර්ම මණ්ඩලයේ කඹුරුපිටිය කාර්යාලයේ සේවයේ නියුතු දමිත නල්ලපෙරුමගේද මව වන පද්මා මහත්මියගේ අවසන් කටයුතු අද (09දා) පස්වරු 3.00ට  වඳුරඹ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්