The Leader News
BREAKING
ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් අභාවප්‍රාප්ත වෙයි●
Top Ad
පුවත්

මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට - කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

T

The Leader Desk

April 9, 2026 • 8:24 AM

 මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට - කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්ෂ 4 ඉක්මවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගියේය.
  • පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ මෙම මිල වැඩිවීමත් සමඟ රන් පවුමක මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගයන් කරා ළඟා වී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
  • බාලසුබ්‍රමනියම් සඳහන් කළේ, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 405,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
  • ඊයේ (08) දිනයේ එහි මිල රුපියල් 398,000ක් ලෙස වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ හතර ඉක්මවා ගියේය.

පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ සිදු වූ මෙම මිල වැඩිවීමත් සමඟ රන් පවුමක මිල මෙතෙක් වාර්තා වූ ඉහළම අගයන් කරා ළඟා වී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් සඳහන් කළේ, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 405,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ (08) දිනයේ එහි මිල රුපියල් 398,000ක් ලෙස වාර්තා විය.

මේ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් 372,600ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊයේ (08) එහි මිල රුපියල් 366,000ක් ලෙස සටහන්ව තිබිණි.

රන් මිල මෙලෙස ඉහළ යෑම ස්වර්ණාභරණ මිල කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කර ඇත. ඒ අනුව රන් පවුමක බරින් යුත් මාලයක මිල රුපියල් 425,000 දක්වාත්, වළල්ලක මිල රුපියල් 435,000 දක්වාත් ඉහළ ගොස් තිබේ. මංගල මුදු මිල ද රුපියල් 20,000ක පමණ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

රන් මිල ඉහළ යෑමත් සමඟ දිවයින පුරා පවත්වාගෙන යනු ලබන රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ද රන් පවුමක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් මුදල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

(සටහන | ජේ.මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...