leader s

පාක්ෂිකයන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ, මොණරාගල ඊයේ (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකරිකයකු වන හේෂා විතානගේ මහතා ද පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් පිට කිසිවෙකුත් ඒ සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු නොකරන බවයි.

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, ගොඩකවෙලදීය.

ඔහු එම කාරණය සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ද අවධාරණය කර තිබේ.

''ධම්මික පෙරේරා වැනි මුදලාලිලාට ජනාධිපති අපේක්ෂකත්වය නැහැ . ඔර්ජිනල් යූ.එන්.පී.කාරයෙක් ජනාධිපති කරනවා '' යයි එම පොස්ටුවේ සඳහන් වේ.

Hesha Post

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්