නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය.


මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස 2.00 ට රැස්වෙයි.

නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මීට පෙර අවස්ථා දෙකකදී රැස්වුවද අවසන් තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

ජනාධිපතිවරයා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31 වැනිදා තෙක් සේවා දීර්ඝයක් ලබාදීම සඳහාය.

නීතිපති රාජරත්නම් ගේ සේවා කාලය ලබන 26 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම නිර්දේශය සම්බන්ධයෙන් බොහෝ දුරට අද අවසාන තීරණයක් ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ජනාධිපතිවරණය ළඟ එන අවස්ථාවක නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා සිය විරෝධය ප්‍රසිද්ධියේ පළ කළහ.

කෙසේවුවද ව්‍යවස්ථාව සම්බන්ධව විශාරදවරයෙකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පවසන්නේ, ජනාධිපතිවරයා විසින් වත්මන් නීතිපතිවරයාගේ නිල කාලය තවත් මාස 6කින් දිර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර එය කිසිසේත්ම ව්‍යවස්ථා දායක සභාවට අයත් නොවන දෙයක් බවයි.

ව්‍යවස්ථා සබාවට බලය ඇත්තේ පත් වීම් අනුමත කිරිමට පමණක් බව ඔහු අවධාරණය කර සිටියි. 

“මේක කිසිසේත්ම ව්‍යවස්ථා සභාවේ විෂය පථයට කාර්ය භාර්යට අයත් වෙන දෙයක් නෙමෙයි. ඒ ගැන කිසිම බලයක් වගකීමක් ව්‍යවස්ථා දායක සභාවට නැහැ.” යි මන්ත්‍රීවරයා ඊයේ (17) මාධ්‍ය වෙත කියා සිටියේය.

සබැඳි ලිපි :

නීතිපතිගේ සේවා කාලයක දිගු කිරිම ව්‍යවස්ථාදායක සභාවේ විෂය පථයට අයත් නැහැ - ජී.එල්. පීරිස්

නීතිපති‌ගේ සේවා දිගුව ඡන්දයකට යයි!

නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනීයි - ජී.එල්. පීරිස්

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!  -කතෝලික රදගුරු සම්මේලනය

නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

අගවිනිසුරු කරගන්න ඕනෑ නිසා ජනාධිපති නීතිපතිගේ ධුරකාලය දීර්ඝ කරයි

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්