නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ගේ සේවා දිගුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ

ඡන්දයක් පැවැත්වීමට ඉඩ ඇතැයි විපක්ෂයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.

දැනටමත් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විරුද්ධ වන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක මහාචාර්ය ජී.එල්. පීරිස් මාධ්‍යයට පවසා තිබේ.

එම පක්ෂ මතය අනුව ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නියෝජිතයන් ලබන 18 දා මෙම කරුණ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථා සභාව රුස්වූ විට ක්‍රියා කරනු ඇති බව විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.


නීතිපති සංජය රාජරත්නම් ගේ සේවා කාලය මේ මස අග අවසන් වීමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය සම්බන්ධයෙන් දෙවෙනි දිනයටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජුනි 10දා  අවසන්වීය.


අදාළ යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජුනි 10 දා සහභාගිවී තිබුණේ සූම් තාක්ෂණය ඔස්සේය. ඔහුට එම සභාවට පෞද්ගලිකවම සහභාගිවී ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට කරුණු ප්‍රකාශ වීමෙන් රැස්වීම මෙසේ කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කෙසේවෙතත් ලබන 18 වන දින යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය.


සබැඳි පුවත් :
නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනීයි - ජී.එල්. පීරිස්
නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති කියා ඇත්තේ බොරු!  -කතෝලික රදගුරු සම්මේලනය
නීතිපතිගේ සේවා දිගුව ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්