පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ විනාශකාරී 2024 T20 ලෝක කුසලාන මෙහෙයුමෙන් පසුව අපේක්ෂිත පරිදි ම පාකිස්තාන ක්‍රීඩා

ලෝලීන්ගේ කෝපයට ලක්ව සිටින ක්‍රීඩකයන්ට දැන් විවේචන එල්ල වී තිබෙන්නේ ඔවුන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිරිවරා ගෙන අමෙරිකාවේ විනෝද සවාරියක යාම පිළිබඳව.

අමෙරිකාවේ සිටි පාකිස්තාන ජාතික ක්‍රිකට් සංචිතයේ 34කට ආසන්න ක්‍රීඩකයන්, සහායක සේවක මණ්ඩලය හා නිලධාරීන්ට අමතරව එම කණ්ඩායම නැවතී සිටි හෝටලය ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයින් 26-28 දෙනෙකුගෙන් පමණ ගහණව පැවති බව දේශීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු, දරුවන්, මවුපියන් හා සමහරුන්ගේ සහෝදරයන් පවා මීට ඇතුළත්.

sfq35r25
නායක බාබර් අසාම්, හැරිස් රවුෆ්, ෂඩාබ් ඛාන්, ෆකාර් සමාන් හා මොහමඩ් අමීර් වැනි ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන් ඔවුන් සමග සංචාරය කරමින් සිටි බව එම වාර්තාව සඳහන් කරනවා.

තවමත් විවාහ වී නැති බාබර් අසාම් ඔහුගේ පියා, මව හා සොහොයුරන් ඔහුගේ හෝටලයේ රඳවා ගෙන තිබෙනවා.

පවුලේ සාමාජිකයන් ගෙන යාමේ අමතර වියදම් පැහැදිලිවම ක්‍රීඩකයන් විසින් ගෙවා ඇති මුත් තමන් වටා පවුලේ සාමාජිකයන් සිටීමෙන් තරග පිළිබඳ ක්‍රීඩකයන්ගේ අවධානය බිඳ වැටීමට හේතු වූ බව තවත් වාර්තාවකින් කියනවා.


“කණ්ඩායම සමග ගමන් කරමින් සිටි අනෙක් පුද්ගලයන්ට ඉඳුම් හිටුම් ලබා දීම පිණිස කණ්ඩායම සිටි හෝටලයේ කාමර 60ක් පමණ වෙන්කර තිබුනා. පිටතින් රැගෙන ආ රාත්‍රී ආහාරවලින් හෝටලය තුළ පවුල් වාතාවරණයක් ගොඩනැගී තිබුනා. හෝටලයෙන් පිටව විනෝද ගමන් යාම සමහර ක්‍රීඩකයන්ට සාමාන්‍ය දෙයක් වී තිබුනා” යනුවෙන් එක් වාර්තාවක දැක්වුනා.


හිටපු ටෙස්ට් කඩුලු රකින්නකු වන අටික් උස් සමාන් පැවසුවේ එතරම් ප්‍රධාන තැනක් නොගන්නා තරගාවලියක් හෝ ද්විපාර්ශ්වික තරග සංචාරයන්හිදී ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පවුල් ළඟ තබා ගැනීම තමාට තේරුම් ගත හැකි බව යි.

නමුත් ලෝක කුසලානය වැනි ප්‍රධාන තරගාවලියකදී මෙවැනි එකතු වීමකට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඉඩ ලබා නොදිය යුතුව තිබූ බව ඔහු පවසනවා.


Oz Zaman“ලෝක කුසලානයකදී, ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කළ යුතු නිසා කිසිම පවුලේ සාමාජිකයෙකුට ඔවුන් සමග සිටිමට ඉඩ නොදිය යුතුව තිබුනා. පවුලේ අය ඔබත් සමග සිටින විට ක්‍රීඩකයෙකුගේ අවධානය හා කාලය ක්‍රිකට්වලින් වෙනතකට යොමු වනවා” යැයි සමාන් කියනවා.


පාකිස්තාන කණ්ඩායම සතුව ව්‍යායාම පුහුණුකරුවකු, ශක්තිය වැඩීම සම්බන්ධ පුහුණුකරුවකු හා භෞත චිකිත්සකයෙකු සිටියදීත්  මොහමඩ් අමීර් ඔහුගේ වියදමින් ඔහුගේ පෞද්ගලික ශරීර අභ්‍යාස පුහුණුකරු ලෝක කුසලාන තරගාවලිය සඳහා ගෙන ගොස් ඇති බවට ද වාර්තා වනවා.

පුහුණු සැසි අතරතුර, වමතින් වේග පන්දු යවන අමීර් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන් අවසර ලබා ගෙන අනෙක් ක්‍රීඩකයන්ගෙන් වෙන් වී පුහුණුවේ යෙදුනු බව තවත් වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

wew545f
මේ අතර, මේ තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායම ‌මුදලට තරග පාවා දුන් බවට බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවලින් චෝදනා කර තිබෙනවා.

මෙවැනි චෝදනා එල්ල කරන්නන් ඒ පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් එවැනි සාක්ෂි කිසිවක් නැතිව චෝදනා එල්ල කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්