16 වැනි ජනසතු සේවා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹ කිංග්ස්බරි හෝටලයේදී ඉතාමත් උත්සවාකාරයෙන් පැවැත්වුනා.


මෙහිදී වසර 2018 – 2024 වකවානුව තුළ ජනසතු සේවා ලීග්, T20, සැහැල්ලු පන්දු හා ප්‍රවීන තරගාවලියන්හි දක්ෂතා වෙනුවෙන් තිළිණ 17ක් ප්‍රදානය කෙරුනා.
ප්‍රවීන, 1 කොටස හා 2 කොටස යන අංශවල ශූරයින් හා අනුශූරයින් මෙහිදී සම්මාන ලැබුවා.

ජනසතු සේවා ක්‍රිකට් සම්මාන ප්‍රදානය කිරීමක් අවසන් වතාවට පැවැත්වුනේ 2018 වසරේ බවත් ඉන්පසුව 2021 වසර දක්වා මේ උත්සවය පැවැත්වීමට නොහැකි වූයේ කොවිඩ් වසංගතය නිසා බවත් ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලින් අපොන්සො මහතා ප්‍රකාශ කළා. මෙවර සම්මාන ප්‍රදාන උළෙලේදී 2018 සිට 2024 දක්වා පැවති තරගවල තිළිණ පිරිනැමීම සිදු කෙරුනු බව ද ඒ මහතා පැවසුවා.

 
ජනසතු සේවා ක්‍රිකට් සංගමය විසින් පැවැත්වූ මේ සම්මාන රාත්‍රියේ ප්‍රධාන අමුත්තා වූයේ ක්‍රීඩා රාජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වුනා.


අර්ධ රාජ්‍ය ආයතනවලින් සැදුම්ලත් ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සාමාජිකත්වය දරණ දිවයිනේ ප්‍රමුඛතම ආයතන 40කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් ඒවායේ සභාපතිවරු, කළමනාකාර අධ්‍යක්ෂවරු හා ප්‍රධාන විධායක නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වුනා.

පිරිනැමුනු තිළිණ:

**2018 වසර
*ලීග් තරගාවලිය
ප්‍රවීන ශූරතාව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය. අනුශූරතාව - ජලාපවහන මණ්ඩලය
2 කොටස ශූරතාව - මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය. අනුශූරතාව - සේවක අර්ථසාධක අරමුදල
1 කොටස ශූරතාව - ජාතික ඉතිරිකිරීමේ බැංකුව. අනුශූරතාව - ලංකා බැංකුව

**2019 වසර
*සය සාමාජික තරගාවලිය
ප්‍රවීන ශූරතාව - මහජන බැංකුව. අනුශූරතාව - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
2 කොටස ශූරතාව - මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය. අනුශූරතාව - නාගරික සංවර්ධන අධිකාරිය
1 කොටස ශූරතාව - වරාය අධිකාරිය. අනුශූරතාව - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය
*සය සාමාජික සැහැල්ලු පන්දු තරගාවලිය
පිරිමි ශූරතාව - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. අනුශූරතාව - ජාතික ඉතිරිකිරීමේ බැංකුව
කාන්තා ශූරතාව - ලංකා බැංකුව. අනුශූරතාව - ශ්‍රී ලංකා මහ බැංකුව

**2022 වසර
*T20 තරගාවලිය
ප්‍රවීන ශූරතාව - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. අනුශූරතාව - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
2 කොටස ශූරතාව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය
1 කොටස ශූරතාව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය. අනුශූරතාව - ජාතික ඉතිරිකිරීමේ බැංකුව

**2023 වසර
*ලීග් තරගාවලිය
ප්‍රවීන ශූරතාව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය. අනුශූරතාව - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
2 කොටස ශූරතාව - ශ්‍රී ලංකා වරාය අධිකාරිය. අනුශූරතාව - ශ්‍රී ලංකා මහ බැංකුව ‘ඒ’ කණ්ඩායම
1 කොටස ශූරතාව - ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. අනුශූරතාව - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

**2024 වසර
T20 තරගාවලිය
ප්‍රවීන ශූරතාව - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. අනුශූරතාව - ජලාපවහන මණ්ඩලය
 
 
 shammi
 
සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්