ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්

එය තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බවත් එම පක්ෂයේ ජාතික කැඳවුම්කාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහු එබව කියා සිටියේ, කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්ථීර ප්‍රකාශයක් සිදුකර නොමැති බවද මන්ත්‍රීවරයා එහිදී පැවසිය. 

 



අපේ සහය පොහොට්ටුවේ ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අපේක්ෂකයකුට පමණයි - නාමල්


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අවධාරණය කර ඇත්තේ, තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම්, එසේ නම් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කල හැකි අයකු පමණක් බවයි.  

තවද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් සුදානමින් සිටින සහ පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලා මේවනවිට 'ස්වාධින සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද ඔහු අවධාරණය කර සිටියි.

පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින මැති ඇමතිවරුන්ට, පොහොට්ටුව අතහැර එම කණ්ඩායමට ම යා හැකි බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට මේ මොහොතේ වැඩි ඉඩක් ඇති බවයි.

පොහොට්ටු මන්ත්‍රීවරු බහුතරයකගේ සහය ජනාධිපතිට 

මේ අතර සර්ව ජන බලය සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසන්නේ, ආණ්ඩුව නියෝජනය කරන පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරු පිරිසක් වර්තමාන ජනාධිපතිවරයාට සහයෝගය දීමට සාකච්ඡා කරමින් සිටින බවයි. 

 





worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්