මැතිවරණය ළං වෙද්දි හොඳ හොඳ දේශපාලන ඩීල් බලාගත හැකි බවත්, ආත්මයත් පාවා දී ඩීල් දාන දේශපාලනඥයන්ට ජනතාව පිළිතුරු දෙනු ඇති බවත් විපක්ෂ නායකවරයා විශ්වාසය පළ කර තිබේ.


පාර්ලිමේන්තුවේ පාලකයන්ට ඕන ඕන විදිහට සුරතල් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මුදල් තිබුණත් පාසල්වල අඩුපාඩු තුරන් කරන්න මුදල් නොමැති බවත් බොරු වැඩවලට මුදල් අනන්තවත් ඇති බවත් මේ වන විට ඩීල් දේශපාලනය පවා මේ මුදල්වලින් ක්‍රියාත්මක බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ජුනි 22 කුරුණැගල මාවතගම පරගහදෙනිය ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 251 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල සහ හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන නිසා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතත් තමාට බනිමින් සිටින බවත් තමා දරුවන්ට දෙන්නේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි නොව පරිගණක හා ශබ්දකෝෂ බවත් ඒවා වැරදි දේවල් නොවන බව ද ඔහු කියා සිටියේය.

 

හොදම දේ දරුවන්ට කියන පාලකයෝ අගනුවර සුඛෝපභෝගී කාමරවල සිට එක්තරා කල්ලියක් සමග ඩීල් දමමින් සිටින බවත් මොවුන් මෙරට සාමාන්‍ය පවුල්වල දරුවන් ඉහළ මට්ටමට එනවට කැමති නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

 

නිවැරදි නොවන අධ්‍යාපනයක් ලබා දී මේ දරු පරපුරත් ඔවුන්ගේ වහලුන් ලෙස තබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය බව ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.

දරුවන් වහලුන් හා ප්‍රාණ ඇපකරුවන් කරගෙන කුහක ලෙස තමන්ගේ දරුවන්ගේ මට්ටමට රටේ දරුවන්ද ඒවි කියන බියක් ඇති බවත් මේ සියලු කණ්ඩායම් රජයත් එක්ක ඩීල් දමා ඇති බවත් ජනතාවගේ ඡන්දෙන් බලයට පත්ව ජනතාවම පාවා දෙන දේශපාලන සංස්කෘතියක් ඇති බව ද හෙතෙම පැවසීය.

මුදලට දරු පරපුරත් ජනතාවත් රවටා සිය ප්‍රතිපත්ති පාවා දෙන කල්ලි දේශපාලනයක් ඩීල් දේශපාලනයක් රටේ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

ki1ki2ki3



worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්