බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීම සඳහා රුපියල් කෝටි 2000ක් තරම් වු දැවැන්ත මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ

කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත.

ඉතා අඩු පොලි අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම  ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු ආයතන 16ක් හරහා මෙම යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක වෙයි .

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ  අන්තර්ජාතික  සම්මන්ත්‍රණය ශාලාවේ අද (23)පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව  Ceylon  Federation Of  MSME සංවිධානය කළ ව්‍යසායක ප්‍රජා සම්මන්ත්‍රණය අවස්ථාවේදී කර්මාන්ත ඇමැතිවරයා මේ බව කීය.


සේවකයින් දෙසීයකට අඩු පිරිසක් සේවය කරන නිෂ්පාදන, කර්මාන්ත ව්‍යවසායකයට සහ කර්මාන්තයකට පළමු ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 150ක් උපරිමයක ණය මුදලක් ලබාගත හැකිය. ඒ සඳහා අය කරන පොලිය සියයට හතකි. ණය මුදල ආපසු ගෙවිමේ කාලය වසර දහයකි. ණය මුදල් ගෙවීම ආරම්භ කිරීම සඳහා  වසරක සහන කාලයක් ලැබෙයි .


මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16 ක් තෝරගෙන ඇත. එක් බැංකුවකට රුපියල් මිලියන 750 ලබා දි     ඇත.


අසාධු ලේඛනය නම තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ...

දැනට ශ්‍රී ලංකා ණය  තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනය නම තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවා රුපියල් ලක්ෂ පනහක උපරිමයක ණයක් ලබාගත හැකි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකය. එහි පොලිය සියයට අටකි.  

ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර පහකි. ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට වසර තුනක සහන කාලය ක් ලබා දී තිබේ .

මීට අමතරව කර්මාන්ත  අමාත්‍යාංශය විසින් චක්‍රීය අරමුදල් යටතේ ද  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අරමුදල් සැපයීමට යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කොට තිබේ.

smile සහ  e pend  එම යෝජනා ක්‍රම දෙකයි.

* පරිසර හිතකාමී ව්‍යාපෘති  ආරම්භ කිරීමට රුපියල් මිලියන 30ක මුදලක්  ලබා දෙයි. ඒ සඳහා අය කරන පොලීය 6.5 %කි. ණය මුදල ආපසු ගෙවීමේ  කාලය වසර දහයකි. අවුරුදු දෙක  සහන කාලයකින් පසු ගෙවීම් ආරම්භ කළ යුතුය.

* කුඩා ව්‍යාපාර සංවර්ධනයට ද  රුපියල්  ලක්ෂ දහයක ණය  මුදලක් ලබා දීමට කටයුතු  යොදා ඇත.ණය ගෙවීමට වසර දහයක්  කාලයක් ලබා දී ඇත.


මෙම  ණය මුදල් ලබා ගැනීමේදී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සතියේ වැඩකරන දින පහක් තුළ ලබාදීමට සූදානම්   බව  කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ පැවසීය.


මෙම සම්මන්ත්‍රණය අමතා අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, Ceylon  Federation Of  MSME සභාපතිනි ශෂිකා ද සිල්වා ඇතුළු  කිහිප දෙනෙක් මෙහිදී අදහස් දැක්විය.  

 
(ජේ . මුණසිංහ)

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්