බොහෝ දෙනෙකු ජනාධිපති සිහිනයේ සිටියත් රටේ ඇති ඩොලර් හිඟයට රුපියල් හිඟයට උත්තර දෙන්න පුළුවන් 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ බලයක්

නොමැතිව වැඩක් කළ එකම කණ්ඩායම සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පවසයි.

ජනාධිපතිවරු පත්වුවත් ඔවුන් පැමිණෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පමණක් බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තමා ජනාධිපති වූ පසු ජනතාවගේ ගැටලු සොයා බැලීමට සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම ජනාධිපති ලේකම් ඒකකයක් ඇති කර ඕනෑම පුද්ගලයකුගේ ගැටලුවක් ජනාධිපතිවරයාට සෘජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බව පැවසීය.

ඒ තුළින් කඩිනම් විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ මාතලේ පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය කාලයේ එක එක නායකයන් මහනායක ස්වාමීන් වහන්සේ හමුවට ගොස් ඕපදූප කතා කළත් තමා මහනායක ස්වාමීන් වහන්සේලා හමුවෙන්න ගියේ විපක්ෂයේ සිට සිදු කළ සියලු වැඩ සම්බන්ධ සවිස්තර වාර්තාවක් රැගෙන බව ඔහු පවසයි.

'හුස්ම' යනු මැතිවරණ පොරොන්දු නොවන බවත් ඒවා සියල්ල සමගි ජන බලවේගයම නිර්මාණය කළ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

රට ගොඩගන්න මේ රටේ රාජ්‍ය ආදායම මදි බව පවසන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඒ සඳහා සියලුම ධානපති රටවල් සහ ධානපතියන් සමඟ සාකච්ඡා කර රටට ගත හැකි උපරිම ආයෝජන හා ප්‍රතිලාභ ලබා ගන්නා බව ද අවධාරණය කළේය.

සුහුරු රටක් නිර්මාණය කිරීමේ දී සියලු දෙනාම තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්විය යුතු බවත් ලෝකයේ නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන කෘෂිකර්මාන්තය ඉහළට ම ගොස් ඇති බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය වැනි රටවල් මෙන් අප රටේ ද නවීන තාක්ෂණයෙන් කෘෂිකර්මාන්තය දියුණු කළ යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

matale

matale1

matale 2

 

matale 3

 

matale 4

matale 6

 

 

 

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්