The Leader News
BREAKING
සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත්වීමට ආ පෙත්සම් 13ම ඉවතට●සෞදියේ කිං ෆාඩ් ගුවන් තොටුපළට ප්‍රහාරයක්: ශ්‍රී ලංකාව ගුවන් ගමන් අත්හිටුවීම දීර්ඝයි●සතොස බිලියන 24ක පාඩුව: රජයේ ‘ෆ්‍රැන්චයිස්’ බෙහෙත ප්‍රමාණවත්ද?●කොළඹ වරාය සැපයුම් කේන්ද්‍රය අවලංගු වීම: පටිපාටිමය ගැටලුවක්ද? ආර්ථික අහිමිවීමක්ද?●අධිකරණ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ? - නාමල්●පාස්කු ප්‍රහාරයේ තවත් මොලකරුවන් හොයන්න CIDයට හිරගෙට යාමට අවසර●ලිංගික අතවර කිරීමේ වරදට පැරා පිහිනුම් ක්‍රීඩකයා රටින් නෙරපා හරියි!●ප්‍රංශ කැරලි අර්බුදය: දේශපාලන බල අරගලය දෙකඩ වෙයි●ජී.එල්. අල්ලස් කොමිසමට කැඳවූයේ මහින්ද කොටුකරන්නද?●බැංකොක් ගුවන් තොටුපොළේ ගමන් මලු අර්බුදයට CCTV සාක්ෂි●
Top Ad
පුවත්

‘නේවාසික රොගීන්ට ප්‍රණීත ආහාර වේලක්’ ව්‍යාපෘතිය අරඹයි

T

The Leader Desk

July 1, 2024 • 7:02 AM

‘නේවාසික රොගීන්ට ප්‍රණීත ආහාර වේලක්’ ව්‍යාපෘතිය අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ශ්වවල ආධාර සහ අන්‍රගහය මත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන රෝහල්ගත නේවාසික රෝගින් හට ගුණාත්මක සහ රසවත් ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 28වන (2024/06/28) දින ආරම්භ කෙරිණ.
  • මේ වන විට රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව සැකසූ ආහාර වේලක් අදාළ රෝගියාට ලැබෙන බව අප පිළිගත යුතු ය.
  • ඊට හේතුව ලෙස දක්නට ලැබෙන්නේ රෝහලෙහි මුළුතැන්ගෙයි සේවය කරනවා යැයි පිටත පුද්ගලයන් සමග පැවසීමට කිසිවකු අකමැති බැවිනි.
  • එය දැනට පවතින ගෑස් උදුන වෙනුවට වාෂ්ප (steam) බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උදුන්ලබාදීම ය; මේ හා සමාන වන ලෙස අනෙකුත් පැරණි උපකරණ ඉවත් කර නවීනතම උපකරණ ලබා දීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ශ්වවල ආධාර සහ අන්‍රගහය මත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන රෝහල්ගත නේවාසික රෝගින් හට ගුණාත්මක සහ රසවත් ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 28වන (2024/06/28) දින ආරම්භ කෙරිණ.

 

PHOTO 2024 07 01 16 48 36රෝහල්ගත නේවාසික රෝගින් හට ගුණාත්මක සහ රසවත් ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 2024/06/28 දින ආරම්භ කෙරිණ. 

එම අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර අදාළ ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ එහි සංක්ෂිප්ත සටහනකි.

 

විශේෂඥ වෛද්‍ය තිමති වීරසේකර

 

කිසියම් රෝගයක් වැලඳී හෝ හදිසි අනතුරකට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත වූ පසු එම පුද්ගලයා වෙත රොහලෙන් ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් අදාළ රෝගියා තෘප්තිමත් ද නැද්ද යන්න කිසිවකු නොවිමසති. අදාළ රෝගියා ද ඒ සම්බන්ධයෙන් නොවිමසති. දැනට පවතින ක්‍රමය අනුව සිදුවන්නේ රෝහලෙන් ලබා දෙන ඕනැම ආකාරයේ ආහාරයකින් තම කුස පුරවා ගැනීම ය. නමුදු එය සිදුවිය යුත්තේ එසේ නොවේ ය යන්න අපගේ අදහස ය.

මේ වන විට රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව සැකසූ ආහාර වේලක් අදාළ රෝගියාට ලැබෙන බව අප පිළිගත යුතු ය. නමුදු බොහෝ විට රෝගියාගේ කැමැත්ත අනුව ඔහුට හෝ ඇයට ආහාර වේලක් ලබාගැනීම අසිරු ය; අසීරු නොව එය සිදුවන්නේ ම නැත. මෙහි දී මෙම කාරණය පමණක් සලකා බැලීමෙන් සෑහිමකට පත් විය නොහැකි ය; මෙය ඊට වඩා සංකිර්ණ ගැටලුවකි.

මේ සම්බන්ධයෙන් සලකා බැලීමේ දී රොහල් පරිශ්‍රවල පිහිටි මුළුතැන්ගෙය පිළිබඳ පළමුවෙන් ම අවධානය යොමු කළ යුතු යැයි අපි අදහස් කරන්නෙමු. දිවයිනේ පිහිටි බොහෝ රෝහල්වල මුළුතැන්ගෙය යනු කිසිදු ආකාරයකින් නවීනකරණය නොවූ අංශයකි.

වර්තමාන මුළුතැන්ගෙදර සේවක සේවිකාවෝ

 

PHOTO 2024 07 01 16 48 36 2
මේ සඳහා බලපාන ප්‍රධාන කරුණ වන්නේ රෝහල්වල පිහිටි මුළුතැන්ගෙයි සේවය කිරීම සඳහා බොහෝ සේවක සේවිකාවෝ දක්වන අකමැත්ත ය. බොහෝ විට දිවයිනේ පිහිටි බොහෝ රෝහල්වල මුළුතැන්ගෙයි සේවය සඳහා යොදවන්නේ කිසියම් විනයානුකුල දඬුවමකට ලක් වු පුද්ගලයෝ ය. ඊට හේතුව ලෙස දක්නට ලැබෙන්නේ රෝහලෙහි මුළුතැන්ගෙයි සේවය කරනවා යැයි පිටත පුද්ගලයන් සමග පැවසීමට කිසිවකු අකමැති බැවිනි. තවත් සරලව පවසන්නේ නම් අප එම සේවක සේවිකාවන් හට වෘත්තීය ගෞරවයක් ලබා දීමට ක්‍රියා කර නොමැති බැවිනි.

නවීකරණය කළ මුළුතැන් ගෙයක්


මෙම කරුණු සලකා බලමින් පළමුවෙන් ම උත්සාහ කරන්නේ රෝහල්වල පිහිටි මුළුතැන් ගෙවල් සියල්ල පියවරෙන් පියවර නවීකරණය කිරීම සඳහා කටයුතු කිරීම ය. එය දැනට පවතින ගෑස් උදුන වෙනුවට වාෂ්ප (steam) බලයෙන් ක්‍රියාත්මක කළ හැකි උදුන්ලබාදීම ය; මේ හා සමාන වන ලෙස අනෙකුත් පැරණි උපකරණ ඉවත් කර නවීනතම උපකරණ ලබා දීම ය.

 
සේවක සේවිකාවන්ට වෘත්තීය පුහුණුවක්
 
රජයේ රෝහල්වල නියමු ව්‍යාපෘතියක් - රෝගීන්ගේ අතටම එන තරුපහේ කෑම වේලක්

අපගේ දෙවන පියවර වන්නේ රෝහල්වල මුළුතැන් ගෙවල්වල සේවයේ නියුතුසේවක සේවිකාවන් හට වෘත්තීය පුහුණුවක් ලබා දීම ය. මේ සඳහා දැනටමත් අප ආයතනය දිවයිනේ පිහිටි විවිධ මට්මමේ හෝටල් කිහිපයක් සමග ම සාකච්ඡාකර ඇත. මෙම පුහුණුවෙන් ඉක්බිති එම සේවක සේවිකාවන් වෘත්තීය කෝකියන් සහ කෝකිවරියන් ලෙස පිළිගැනෙන ආකාරයට සහතිකයක් කිරීමට ද කටයුතු යොදනු ඇත. මෙම ක්‍රියාවලිය හේතුවෙන් අවශ්‍ය නම් එම සේවක සේවිකාවන්ට අනාගතයේ දිනෙක විදේශගත රැකියාවක වුව ද නිරත විය හැකි ය.

‘කුස්සිය’ වෙනුවට වෙනත් නමක්

තෙවන පියවර ලෙස අප බලාපොරොත්තු වන්නේ ‘කුස්සිය’හෙවත් ‘kitchen’  යන නාමය වෙනුවට එහි නම ආහාර පාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස වෙනස් කිරීම ය. එවිට රෝහලේ මුළුතැන්ගෙයි සේවය කරන සේවක සේවිකාවන් ද අනෙක් සේවක සේවිකාවන් මෙන් ම රෝහලේ වෙනත් දෙපාර්තමේන්තුවක සේවක සේවිකාවන් ලෙස සැලකීම ස්වයංක්‍රීයව ම සිදුවනු ඇත.

ප්‍රිය මනාප පිඟානක්
 
කොවිඩ් 'නසන' කෑම වට්ටෝරුවක්

අපගේ ඊළඟපියවර වන්නේ තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට‍: බත්, එළවළු, මස් හෝ මාළු යනාදිය වෙන වෙන ම බෙදා තිබෙන පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල පිරිනැමීම ය. එබඳු පිඟානකට බෙදූ ආහාර වේලක් දුටු සැණින් ප්‍රියතාවක් ඇති වන බව නොඅනුමාන ය.

රෝගී පුද්ගලයාගේ රුචිකත්වයට මූලිකත්වය
 
 
ඇතැම් රෝගීන් පමණක් නොව නිරෝගී පුද්ගලයන් අතුරින් කිහිප දෙනකු සමග කතා බහ කළ විට වුව ද ඒ ඇතැමෙක් කඩල කෑමට අකමැත්තක් දක්වන බව නොරහසකි. තවකෙක් මුංඇට කෑමට අකමැත්තක් දක්වති. ඔහු හෝ ඇය වඩා රුචිකත්වයක් දක්වන්නේ පාන් කෑමට විය හැකි ය.මෙය රෝගීන්ට ද පොදු කරුණකි. එබැවින් අපගේ ඊළඟ පියවර වන්නේ අදාළ රෝගියාගේ රෝගි තත්ත්වය ද සැලකිල්ලට ගෙන ය ඔහු හෝ ඇය කැමති ආහාරයක් ලබා දීම සඳහා රෝගියා විමසීම ය. එය දිවා ආහාර වේල සඳහා අසීරු විය හැකි බැවින් (එහි දී වුව ද රොගියාගේ කැමැත්ත මත‍: මස්, මාළු හෝ බිත්තර තෝරා ගැනීමට අවස්ථාව සැලසිය හැකි ය.) අවම උදෑසන හෝ රාත්‍රි ආහාර වේල සඳහා භාවිත කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
 
 
පින් කැමති අයට ආරාධනයක්...!
 
අපගේ ව්‍යෘපෘතිය තුළින් මෙම වෙනස්කම් කිහිපය හැකි ඉක්මනින් ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර මෙහි දී ආහාර පාන සඳහා වැය කිරීමට සිදුවන අමතර වියදම සෞඛ්‍ය අමාත්‍යංශයෙනි. අනෙකුත් නවීන උපකරණ සඳහා වැයවන මුදල පරිත්‍යාගශීලීන් වෙතින් ලබා ගැනීමට බලාපොරොත්තු වේ. මෙහි දී මහරගම අපේක්ෂා රෝහලේ කටයුතු සඳහා වැයවන සම්පූර්ණ මුදල රුහුණු කතරගම මහා දේවාල අරමුදලෙන් සැපයෙන අතර අනෙක් රෝහල් සඳහා වෙනත් ක්‍රමයක් සැලසුම් කර ඇත.
 
මේ සඳහා උදාහරණයක් ගෙන හැර දක්වන්නේ නම් අනුරාධපුර රෝහලෙහි මෙම ව්‍යෘපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී, විදෙස්ගත සේවයෙහි නියුතු අනුරාධපුර ජනතාව වෙත මේ බව දන්වා ඔවුන්ට කරුණු පැහැදිලි කර ඔවුනොවුන්ට හැකි ආකාරයෙන් ආධාර කරන ලෙස ආරාධනා කරන්නට බලාපොරොත්තු වේ. ඔවුන් මෙම කටයුත්ත මග නොහරින බවට විශ්වාසයක් අප තුළ පවතී.
 
අප සියලු දෙනා එකමුතුව, එක්සත්ව මෙම වැඩපිළිවෙළ කියාත්මක කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයට වුව ද මෙය මගහැර යාමට නොහැකි ය. එබැවින් මහරගම අපේක්ෂා රෝහලෙන් අරඹා දිවයින පුරා පිහිටි සියලු රෝහල් වෙත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හැකි සියලු දෙනා ම ආධාර උපකාර කරන මෙන් ද අපි ඉල්ලා සිටිමු.
 
(සටහන - ජයසිරි අලවත්ත)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...