leader s

කොරෝනා රෝගයෙන් මිය ගිය පලමු ලාංකිකයා පිළිබඳව ස්විස්ටර්ලන්තයෙන් වාර්තා වෙයි. ස්විස්ටර්ලන්තයේ සිටි ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාද‍නයෙන් මිය ගොස් ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි.


යාපනයේ උපත ලද 59 නව හැවිරිදි ලෝගනාදන් සදාසිවම් නමැති මෙම පුද්ගලයා 25 අඟහරුවාදා මිය ගොස් ඇත්තේ රපෙස්වීල්-යෝනා නගරයේ ඔහු දිවි ගෙවු නිවසේදීය.

සදාසිවම් හට කොරෝනා රෝගය වැළඳී ඇති බවට 22 ඉරිදා තහවුරු කරගෙන ඇති අතර වෛද්‍ය උපදෙස් ලබා නිවසේ සිට නිරෝධායනය වන ලෙසට එරට සෞඛ්‍ය අංශ විසින් ඔහුට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

සෙන්ගාලන් ප්‍රාන්ත රෝහලින් ඔහු ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු කරනු ලබන ආකාරය ගැන එම රෝහල මෙතෙක් උපදෙස් ලබා දී නැත.

ප්‍රංශයේ විසු ගුණරත්නම් කීර්තිගන් ද මිය ගිහින් !


මේ අතර ප්‍රංශයේ දිවි ගෙවු 32 හැවිරිදි ගුණරත්නම් කීර්තිගන් නමැත්තකු ද කොරෝනා රෝගයට ගොදුරු වී මිය ගොස් ඇති බවද වාර්තා වේ.

කොරෝනා රෝගය වැළඳී වෛද්‍ය උපදෙස් මත ඔහු දින 14ක් නිවසට වී නිරෝධායනය වී අතර රෝගය උත්සන්න වී දින 8ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත.

ගුණරත්නම්ගේ දේශයට අවසන් ගෞරව දැක්වීමට ඔහුගේ බිරිඳට පමණක් අවසර හිමිව ඇති අතර දේහය පවුලේ උදවියට බාර දීම රෝහල විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

ඉතාලියේදී කොරෝනා වැළඳී ලාංකිකයකු මියගිය කතා බොරු!

ලොව වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇති ඉතාලියේ විසු ලාංකිකයකු මියගිය බවට ලංකාවේ මාධ්‍ය පළ කරන ලද වාර්තා අසත්‍ය බව හෙළිව තිබේ.

ලෝකයේ වැඩිම කොරෝනා මරණ සිදුවූ ඉතාලියේ වෙසෙන හැත්තෑ හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මළ බවට විදේශ වාර්තාවක්  උපුටා දක්වමින් ලංකාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

එම මාධ්‍ය වාර්තා පළ වී පැය කිහිපයකින් පසුව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලාංකිකයකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු වී නොමැති බව රෝමයේ පිහිටි තානාපති කාර්යාලය විසින් දන්වන ලද බවයි.

මේ සම්බන්ධව කළ සොයා බැලීමේදී හෙළි අනාවරණය වුයේ ඉතාලියේ පුවත් වෙබ් අඩවියක පළ වු වැරදි පුවතක් අනුගමනය කරමින් මෙරට මාධ්‍ය විසින් එම පුවත වාර්තා කර ඇති බවයි.

කොරෝනා රෝගය වැළඳී 24 අඟහරුවාදා මෙසිනා නගරයේ සිදුවු දෙවැනි මරණය අවුරුදු 80ක ඉතාලි ජාතික පිරිමි පුද්ගලයෙකු මිය ගොස් ඇති නමුත් එම පුවත වාර්තා කළ වොචෙ දි පොපොලෝ (ජනතා හඬ) වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබුනේ 70 හැවිරිදි ලාංකිකයකු මියගිය බවටය.

(ceylonnews.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්